අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජගත් මහලේකම් ධුරයට දෙවන වරටත් ඇන්ටෝනියෝ ගුටරෙස් දිවුරයි

by Lanka Sara Editor
ජූනි 19, 2021
in පුවත්
antonio - UN general secratary
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ මහලේකම් ධුරයට දෙවන වරටත් ඇන්ටෝනියෝ ගුටරෙස් ඊයේ පත්කර තිබේ. එහි මහා සභා රැස්වීමේදී සිය ධුරයේ දිවුරුම් දෙමින් ඔහු පැවසුවේ COVID-19 වසංගතයෙන් මිදීම උදෙසා ලෝකයාට අඛණ්ඩව උදව් කරන බවය.

මෙම තීරණාත්මක මොහොතේ තමාට ලබා දී ඇති දැවැන්ත වගකීම් පිළිබඳව තමා දන්නා බව ද ගුටරෙස් අවධාරණය කළේය.

“අපි සැබවින්ම සිටින්නේ එක්තරා සන්ධිස්ථානයකයි. සියල්ල වෙනස් වෙමින් පවතී. පැරණි ඕතඩොක්ස් ක්‍රම පෙරළෙමින් තිබේ. අපගේ ඉතිහාසය ලියන්නේ අපි මේ මොහොතේ කරන තේරීම් ය. එය දෙයාකාරයකින් සිදුවිය හැකිය. එක්කෝ බිඳවැටීම හා නිරන්තර අර්බුදයයි. නැතිනම් සැමට හරිත, ආරක්ෂිත සහ වඩා හොඳ අනාගතයක් පිළිබඳ අපේක්ෂාවකින් යුත් ඉදිරි ගමනයි. අපිට බලාපොරොත්තු තබා ගැනීමට තරම් හේතු තිබේ.” ඔහු කීය.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 හි ඉහළම තනතුර වන මහලේකම් ධුරය සඳහා තරඟ කළ එකම අපේක්ෂකයා වූයේ ද ගුටරෙස් ය. ඔහුගේ පළමු පස් අවුරුදු ධූර කාලය 2017 ජනවාරි මාසයේදී ආරම්භ විය. ඔහුගේ මව්බිම වන පෘතුගාලය විසින් ඔහුව නම් කර ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් කලින් අනුමත කිරීමෙන් අනතුරුව, 2022 ජනවාරි සිට 2026 දෙසැම්බර් දක්වා දිවෙන දෙවන වාරය සඳහා මහා මණ්ඩලය විසින් ඔහු අගැයීමට ලක් කරන ලදී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එක්සත් ජාතීන්ගේ නිල භාෂා හයෙන් තුනක් වන ඉංග්‍රීසි, ප්‍රංශ සහ ස්පාඤ්ඤ මිශ්‍ර කර කථා කරමින් ගුටරෙස් මහතා COVID-19 ‍වසංගත තත්ත්වය තුළ ඇති ගෝලීය අසමානතා ගැන කතා කළේය. වසංගතය විසින් ජීවිත මෙන්ම ජීවනෝපායන් ද ගිලගෙන ඇති ආකාරය ඔහු විස්තර කළේය. ඒ අතරම දේශගුණික විපර්යාස සහ ජෛව විවිධත්වය නැතිවීම වැනි අභියෝගවලට රටවල් මුහුණ දී සිටින බව සිහිපත් කළේය. වසංගතයෙන් මිදීමට මෙන්ම සමාජ ආර්ථික ප්‍රකෘතියට, වඩා සාධාරණ පදනමක් ලබාදෙමින් ඉදිරියට යායුතු බව ඔහු ප්‍රකාශ කළේය.

“අපගේ ලොකුම අභියෝගය, අපගේ ලොකුම අවස්ථාවයි. වඩදිය බාදිය හැරවීමට මෙම පාඩම භාවිතා කළ යුතුයි.”

“ලෝකය බොහෝ වෙනස් වී ඇතත්, එක්සත් ජාතීන්ගේ පොරොන්දු එලෙසම පවතී. නමුත් එම පොරොන්දු ජීවත් කරවීමට නම් රටවල් එකමුතුව, එහෙත් සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමයකට කටයුතු කළ යුතුය.” ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වසංගත රෝග විද්‍යා අංශයෙන් විසිවෙයි..

Next Post

එස්.අයි ප්‍රවාහනය කළේ දේශපාලන ප්‍රබලයෙකුගේ රැකවරණයේ ඉන්නා පානදුරේ කුඩු සලිඳුගේ කුඩු…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.