ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක වාර්තාවක් තබමින් ශ්‍රි ලංකා කෙල්ලෝ දෙවැනි තරගයත් දිනුම්…. චමරි නොදැවී 119ක්!

by editor
ජූලි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියේ අද පැවති මැලේයිසියා කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා කෙල්ලන් වාර්තා රැසක් තබමින් දිනුම් ය.

එසේ මෙසේ දිනුමක් නොවේ. දිනුම ලකුනු 114කිනි. කඩුළු 4ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 184 හඹා ගිය මැලේයිසියා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 40ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

එම 144ක වැඩි ලකුණු ප්‍රමාණයකින් ලැබූ ජයග්‍රහණය ලෝක වාර්තාවකි. මින් පෙර විස්සයි 20 තරගයක දී කණ්ඩායමක් ජයග්‍රහණය ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය 109කි. එම වාර්තාව තිබුනේ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම සතුවය. අද එම වාර්තාව ශ්‍රී ලංකා කෙල්ලෝ බිඳ හෙළූහ.

තවත් වාර්තා

ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරී අතපත්තුගෙන් වාර්තාගත ශතකයකි. ඇය නොදැවී ලකුණු 119කි. ඊයේ හතරේ පහර 14කි. හයේ පහර 7කි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක විස්සයි 20 අන්තර්ජාතික තරගය ඉනිමක දී එල්ල කළ වැඩිම හයේ පහර ප්‍රමාණය එයය. චමරී ලකුණු 119 ලැබුවේ පන්දු 69ක් තුළය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

විස්සයි 20 තරගයක දී ශ්‍රි ලංකා පිතිකාරිනියක විසින් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය එයය. මින් පෙර එම වාර්තාව වූයේ ලකුණු 113කි. එයත් හිමිව තිබුනේ චමරි අතපත්තුට ය.

ඇය හතරේ පහරවලින් රැස්කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 56කි. හයේ පහරවලින් ලැබු ලකුණු සංඛ්‍යාව ලකුණු 42කි. ලකුණු 98ක් හතරේ සහ හයේ පහරවලිනි. කාන්තා අන්තර්ජාතික විස්සයි20 තරගවලදී ඉනිමක හතරේ සහ හයේ පහරවලින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාව ලෙස චමරි සිය වාර්තාවම අද අළුත් කළාය.

ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික විස්සයි20 තරගයක දී 3වැනි කඩුල්ල සඳහා තැබු ඉහළම සම්බන්ධය අද වාර්තා වුනේය. ඒ චමරි අතපත්තු සහ කඩුළු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී අතර තුන්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුන ලකුණු 115ක සම්බන්ධය ය. මින් පෙර එම වාර්තාව පිහිටුවා තිබුණේ චමරි අතපත්තු සහ නිලක්ෂි අතරය. එම වාර්තාව ලකුණු 77කි.

තරගය

කාසියේ වාසිය දිනුවේ ශ්‍රි ලංකා කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහරදීම තේරූහ. ආරම්භක පිතිකාරිය මෙන්ම මෙම පසුගිය වකවානුව පුරා කදිම පිතිකරණයක පරිචය පෙන්වූ විශ්මි ගුණරත්න පන්දු හතරකට මුහුණ දී එක් ලකුණක් පමණක් සහිතව දැවී ගියාය.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 26ක්, අනුෂ්කා සංජීවනී ලකුණු 31ක් ලැබුවාය. විචිත්‍ර පිතිකරණය යළිත් වරක් චමරී අතපත්තුගෙනි. චමරි පන්දු 69ක දී ලකුණු 119ක් නොදැවී ලබාගෙන පේක්ෂාගාරය පිනවනු ලැබුවාය.

පන්දු යැවිමේදි මැලේසිනු කණ්ඩායම වෙනුවෙන් විනිෆ්‍රෙඩ් දුරායිසින්ගම් ලකුණු 34ට කඩුළු 02ක් දවාගත්තාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි මැලේසියානු කණ්ඩායමේ ලකුණු 40කට දැවී ගියේය. වැඩිම ලකුණු සංඛ්‍යාව 10කි. එය රැස් කළේ මැලේසියානු කණ්ඩායමේ එල්සා හන්ටර් ය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ප්‍රදර්ශනාත්මක වික්‍රමයක් කළහ.

කාව්‍යා කාවින්දි ලකුණු 7කට කඩුළු 02ක්, ෂෂින ගිම්හානි ලකුණු 09කට කඩුළු 03ක්, කවීෂා දිල්හාරි ලකුණු 04කට කඩුළු 2ක්, ඉනෝෂි ප්‍රියදර්ශනී, සචිනි නිසසන්සලා, සහ අමා කාන්චනා එක් කඩුල්ල බැගින් ලැබූහ.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වගකීම් රහිත හැසිරීම නිසා ජීවිතය පිදූ පුංචි අලි පැටියා!

Next Post

ඕනෑම දේශපාලන කුපාඩියෙකුට තවත් අවස්ථාවක් තිබේ.. ලෝකවාසී ඡන්ද දායක “පොදු ජනතාව” ලෝකය ඉදිරියේ සනාථ කරන ඇත්ත කතාව…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.