ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕනෑම දේශපාලන කුපාඩියෙකුට තවත් අවස්ථාවක් තිබේ.. ලෝකවාසී ඡන්ද දායක “පොදු ජනතාව” ලෝකය ඉදිරියේ සනාථ කරන ඇත්ත කතාව…

by editor
ජූලි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අපකීර්තිමත් චරිතයක් සහිත, මැතිවරණ දූෂණ චෝදනා ලැබ ඇමරිකාවෙන් මතු නොව සමස්ථ ලෝකයෙන්ම නින්දිත ගර්හාවට පත්වීමෙන් අනතුරුව හිරේ විලංගුවේ වැටෙනු ඇතැයි ලෝකය අපේක්ෂා කළ පළවාහළ හිටපු ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් ඇමරිකාවේ ජනාධිපති වීමේ අවස්ථාවක් නිර්මාණය වී තිබේ.

ඔහු සම්බන්ධව වැඩිවෙන ජන ප්‍රසාදය පිළිබඳ විදෙස් මාධ්‍ය කතා කරමින් ඇත. “පොදු ජනතාව” ලෙස හැඳින්වෙන ඛාණ්ඩය ලෝකයේ කොතැන හිටියත් එකම ජාතියේ අප්‍රමාණික ජීවින් පිරිසක් බව ට්‍රම්ප්ගේ ආගමනය ලෝක මට්ටමින් යළිත් සනාථ කරන්නේය.

රනිල් වික්‍රමසිංහ මේ යථාර්ථය හොඳින්ම අත් විඳි වසර 48ක් පොදු ජනතාව නැමැති ජීවීන් පිරිසගේ නාඩිය හඳුනාගත් දේශපාලකයා ය. මැතිවරණයකට වසර කීපයකට පෙර කළ හැකි හැම නසරානි ජඩ වැඩක්ම කරමින් ස්වකීය මිතුරු සමාගම ගන්නා රනිල් වික්‍රමසිංහ  ක්‍රීයාශීලී වන්නේ මැතිවරණ වසරක අවසන් මාස කීපය තුළය.  දැන් ඉන්නේ අලුත් ජනතාවක් බවත් පරණ ක්‍රම හරියන්නේ නැති බවත් ෂෝෂල් මීඩියාවල දුටුවාට පොළොවේ ඉන්නේ පරණ මිනිස්සුම බව ටික ටික පෙනෙමින් ඇත.

හාල් කිලෝ එකේ සිට ගෙවල් දොරවල් ඉඩම් කඩම්, ඉදිරියේ දී විවෘත කිරීමට නියමිත වාහන ආනයන වෙළඳපල ඇතුළු දිය හැකි    නොහැකි දේ බෙදමින්යන රනිල් වික්‍රමසිංහත්, බස් බෙදමින් යන, සුහුරු පන්ති කාමර බෙදමින් යන. පාසල් ප්‍රජාව හමුවේ අමු ගොබ්බ කතා කියා හාස්‍යයට ලක්වන සජිත් ප්‍රේමදාසත් පැරණි අශ්ලීල ඡන්ද ව්‍යාපාරයේම නිරතවන ආකාරය බහුතරය තුළ පිළිකුලක් ඇති කර නැති බව තේරුම් ගත යුතුව ඇත.  මීට දෙවසරකට පෙර ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක මුන්ගේ රෙදි පල්ලෙන් බේරෙමින් තිබෙන නමුත් මිනිස්සුන්ගේ නොරිස්සුමට ලක් වී නැත. අරගලය පෙට්‍රලී, ඩීසල් සහ ගෑස් ලබා දී මෙල්ල කළගත හැකි බව රනිල් වික්‍රමසිංහ කියනවිට අපි සිනාසුනෙමු.  දේශපාලකයින්ට නොව,  අප අපටම සිනාසිය යුතු බව අද ඇමරිකාවෙනුත් සහතික වෙමින් ඇත.

ඉතිහාසය පුරාම ප්‍රකට කළ අසමත්කම, අසංවේදීකම, අතෘප්ති සහගත විකෘතිය, යළිත් මිනිස්සුන්ට අමතක කල හැකි බව රනිල්ගේ අත්දැකීමය. ඇත්ත නම් රට තුළ ඔහුට යළිත් ජනාධිපති ලෙස පත්වීමට විභවයක් තිබේ.  සාක්ෂරතා සහිත මධ්‍යම පාන්තික සමාජ විකෘතියේ සැලකිය යුතු කොටසක් ද   පුරා 48 වසරක්  මේ ව්‍යසනයේ කොටස් කරුවෙක්ව සිටින, මේ මහා ආර්ථික අපරාධයේ ප්‍රධාන  ජිවමාන වගඋත්තරකාර, පූර්ණ ලෙස     අසමත්වූ ලාංකේය දේශපාලකයාවන  වික්‍රමසිංහ රට ගොඩදාන බවට සහතික කරන ආකාරයක් පෙනේ. ට්‍රම්ප්ට ඇමරිකාව ස්වර්ණමය දේශයක් කළ හැකි බව විශ්වාස කරන ඡන්ද දායකයෝ ඇමරිකාවේත් සිටිති. පළවෙනි කතාව එයය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

2022 ජුනි 30 වනදා පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වුණු උත්සවයක දී කනිෂ්ඨ ෆර්ඩිනන්ඩ් මාකෝස් එරට ජනපති ලෙස දිවුරුම් දුන්නේ ය.

1986 දී ජනතා කැරැල්ලක් මඟින් පලවා හළ  කුප්‍රකට මාකෝස් පවුල යළිත් කිසිදා පිලිපීනයේ දේශපාලන බලය අත්කරගනු ඇතැයි සිතුවේ නැත. එහෙත් මාකෝස් දේශපාලන පවුලේ විශ්මයජනක පුනරාගමනය සිදුවිය. ඒ පුනරාගමනය වන්නේ  පිලිපීනය ව්‍යසනයක් කළ ෆර්ඩිනන්ඩ් මාකෝස් නමින්ම  හැඳින්වෙන ඔහුගේ පුතා පිලිපීන ජනාධිපති වීමෙනි. එය දෛවෝපගත සිදුවිමකි.

නාමල් රාජපක්ෂට බලාපොරොත්තු අත් නෙහැරෙන තැන එතැනය.  මිනිස්සු එළියට බැස පන්නා දැමූ ලංකාවේ පළමු ජනාධිපතිවරයා නාමල්ගේ බාප්පාය.  ජනතා කැරැල්ලක්  නිසා අගමැතිකම අත් හරින්නට සිදුවූ අගමැතිවරයා නාමල්ගේ තාත්තා ය. මේ වනවිටත් නාමල් රාජපක්ෂ රටේ බහුතරයකට පෙන්නන්න බැරි ලපටි තකතීරුවෙකි.  ආයාසයෙන් උඩු රැවුල තියාගත්තාට නායකත්වය පෞරුෂයක නාමයක් නැති  නාමල් රාජපක්ෂට කළ හැකි ප්‍රමාණය  හොදින්ම දන්නේ මහින්ද රාජපක්ෂය.  මහින්ද රාජපක්ෂ ඊටත් වඩා මේ රටේ මිනිස්සුන්ගේ හැසිරීම ගැන දන්නේය.    නාමල් රාජපක්ෂට උඩු රැවුල තබා සාටකය අන්දවා දේශපාලනයට අත හැර ඇත්තේ  ලඟදී ලබා ගත හැකි ජයග්‍රහණයක් ගැන කල්පනා කර නොවේ.  මාකෝස් පිලිපීනයේ දි පෙන්නූ ලෙස    නාමල්ටත්  තව වාර දෙක තුනකින් හෝ  පසු  රටේ ජනාධිපති වීමේ අවස්ථාවක් එළඹෙන්නට පුලුවන. එය අත් නොහැරිය හැකි විභවයක් බව  මහින්ද දනී. දියනසෙන කුමාරයා පහළ වනතුරු බලා ඉන්නා අපට ඕනෑම ගොබ්බයෙකුව දියසේනට අන්දවා ජනාධිපති කරවිය හැකිය. ගෝඨා ගෙනාවේ එසේය.

බීබීසීය වාර්තා කරන ඇමරිකානු ජනාධිපතිවරණයේ දැන් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ අප කියැවිය යුත්තේ “පොදු ජනතාව”ම  මැතිවරණයක් ආසන්නයේ දී  “බුද්ධිමත් ඡන්දදායකයන්  ” වූ පසු ඔවුන්  හමුවට පත් කරන තීන්දුවක් විෂයෙහි නොවිය හැක්කක් නොමැත යන අවබෝධය සහිතව ය.

ඩිමොක්‍රටික් පක්ෂයේ අර්බුදය –

මේ වන විටත් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් අපේක්ෂකයින් අතර තියුණු තරගයක් බවට පත්ව ඇති ඇමරිකානු ජනාධිපතිවරණ සටන උඩු යටිකුරු කරමින් ඩිමොක්‍රටික් අපේක්ෂක ජනාධිපති ජෝ බයිඩන් නැවත වරක් ජනාධිපති ධූරයට තරග නොකරන බව ප්‍රකාශ කරමින් අපේක්ෂකත්වය අත් හැරියේය.

මීළඟ ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස උප-ජනාධිපති කමලා හැරිස් වෙත සහය පළ කරන බවට ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබුවේය.

81 හැවිරිදි බයිඩන් ඉරිදා ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “විශිෂ්ටතම ගෞරවය” සේවය කිරීමට ලැබීම නමුත් ඔහු ඉවත් වන්නේ, තම “පක්ෂයේ සහ රටේ යහපත වෙනුවෙන්” බව ය.

දැඩි නිරික්ෂණයට ලක් වූ බයිඩන් ගේ මානසික බිඳ වැටීම

ජූනි 27 වන දා ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඔහුගේ ඇතැම් විට නොගැළපුණු රූපවාහිනි විවාදයෙන් ආරම්භ වූ එක්සත් ජනපද දේශපාලනයේ කැලඹිලිසගහත කාල පරිච්ඡේදයක් මෙම නිවේදනයත් සමග අවසන් වීමට නියමිතය.

සති ගණනක් පුරා පැවති දැඩි නිරීක්ෂණය

ජූනි මාසයේදී පැවති විවාදයේ සිදු කළ ඉදිරිපත් කිරීමේ සිට බයිඩන් දැඩි ලෙස නිරීක්ෂණයට ලක් විය. සති දෙකක පමණ පෙර, ඔහු වොෂින්ටනයේදී නේටෝ නායකයන් සමග ඉහළ මට්ටමේ සමුළුවක් පැවැත්වීය.

මෙම අවස්ථාව ඔහුගේ ම පක්ෂය තුළ පැවති කනස්සල්ල තුරන් කිරීමට කළ දෙයක් නොවීය. එහිදී ඔහු වැරදීමකින් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි “ජනාධිපති පූටින්” ලෙස හැඳින් වූ අතර, හැරිස් මහත්මිය “උප-ජනාධිපති ට්‍රම්ප්” ලෙස හඳුන්වනු පෙනෙන්නට විය.

එක් අවස්ථාවක ඔහු සම්මුඛ සාකච්ඡාවකදී කියා සිටියේ, තමාව ඉවත් කළ හැක්කේ, “සර්වබලධාරී දෙවියන්ට” පමණක් නමුත් පසුව සෞඛ්‍ය හේතූන් ඇත්නම් ඒ පිළිබඳව සලකා බලන බව ය. සිකුරාදා, කොවිඩ් වැළඳීමෙන් පසු හුදකලාව සිටියදී, ඔහු ඉදිරි සතියේ නැවත ප්‍රචාරක කටයුතුවලට පැමිණෙන බව පැවසීය.

ඉරිදා සිය ප්‍රකාශයේදී, බයිඩන් හැරිස් වෙත ස්තූති කරමින් කියා සිටියේ, ඇය “විශිෂ්ට සහකරුවෙකු” වූ බව ය.

“මා කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් ඇමෙරිකානු ජනතාව වෙත මගේ හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කිරීමට මට ඉඩ දෙන්න,” ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.

59 හැවිරිදි හැරිස් පැවසුවේ, [බයිඩන්ගේ] සහය ප්‍රසිද්ධියේ ම ලැබීම තමාට “ගෞරවයක්” බව ත් “මෙම නාමයෝජනාව දිනා ගැනීමට කැපවී කටයුතු කරන බව” සහ ට්‍රම්ප් අභිබවා යමින් රට එක්සත් කරන බව ත් ය.

“මැතිවරණ දිනයට අපට දින 107ක් තියෙනවා,” ඇය පැවසුවා ය. “එක්ව, අපි සටන් කරමු. සහ එක්ව අපි දිනමු.”

ට්‍රම්ප්ගේ නැගිටීම

නැවත නැගිටිමින් සිටින ට්‍රම්ප් මත විමසුම්වල ඉදිරියෙන් සිටින අතර ඝාතන තැතකින් දිවි ගලවා ගෙන දින පහකට පසු, එනම්, මිල්වාකිහි පැවති පක්ෂයේ සම්මේලනයේදී ඔහුගේ රිපබ්ලිකන් අපේක්ෂකත්වය තහවුරු විය.

බයිඩන්ගේ තීරණයෙන් පසුව, ඔහු ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා “තරග කිරීමට සුදුසු නැහැ…. ඒ වගේ ම සේවය කරන්නත් සුදුසු නැහැ,” යනුවෙනි.

අනෙකුත් ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකන් දේශපාලනඥයින් ද ඔහුගේ මෙම විවේචනයට සහය පළ කරමින්, ඩිමොක්‍රටික් අපේක්ෂකත්වයෙන් පමණක් නොව වහා ම ධවල මන්දිරයෙන් ද පිටව යන ලෙස බයිඩන්ගෙන් ඉල්ලා සිටියේ ය.

කමලා හැරිස්ගේ තත්ත්වය

හැරිස් වෙත ඩිමොක්‍රටික් පක්ෂයේ බොහෝ ප්‍රබල පුද්ගලයින්ගෙන් සහය ලැබෙන නමුත් ඇයගේ අපේක්ෂකත්වය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. එය අගෝස්තු මාසයේ ඩිමොක්‍රටික් ජාතික සමුළුව තෙක් සිදු නොවනු ඇත.

“.ආරංචි මාර්ග උපුටා දක්වමින් බීබීසීය වාර්තා කරන්නේ බයිඩන් හැරිස් සහ තවත් අතළොස්සක් සමග පූර්ව සංවාදයක යෙදී තිබුණ ද ඔහුගේ තීරණය ගැන ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලයට සහ මැතිවරණ ප්‍රචාරක නිලධාරීන්ට පවා දැනුම් දී ඇත්තේ ඉරිදා පස්වරුවේ සිය ප්‍රකාශය නිකුත් කිරීමට මොහොතකට පෙර බව ය.

හිටපු ජනාධිපති බරක් ඔබාමා, සෙනෙට් නායක චක් ෂූමර් සහ හිටපු කතානායක නැන්සි පෙලෝසි ඇතුළු ජ්‍යෙෂ්ඨ ඩිමොක්‍රටික් දේශපාලනඥයින් සහ ප්‍රබලයින් විශාල ගණනක් එසැණින් එම තීරණය පිළිබඳව ප්‍රශංසා කළ අතර බයිඩන් ධූර කාලයේ සිටියදී අත්පත් කර ගත් ජයග්‍රහණ ගැන ගුණ වැයූහ.

හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ 2016 ජනාධිපති ඩිමොක්‍රටික් අපේක්ෂක හිලරි ක්ලින්ටන් කියා සිටියේ, නොවැම්බර් ඡන්දය සඳහා පක්ෂයේ අපේක්ෂකයා ලෙස කමලා හැරිස් නම් කිරීමේ තීරණයට තමන් සහය දුන් බව ත් “ඇය තෝරා පත් කර ගැනීම සඳහා අවශ්‍ය සියලු දෑ කරන” බව ත් ය.

ඒ අතරතුර, “විශිෂ්ට අපේක්ෂකයෙකු නමක් මතු වනු ඇති බවට” තමා සතුව “දැඩි විශ්වාසයක්” පැවති බව ඔබාමා පැවසුව ද ඔහු ඍජුව හැරිස්ට හෝ වෙනත් අපේක්ෂකයෙකුට සහය පළ නොකළේ ය.

නැවත තේරී පත්වීමේ උත්සහය අතහැර දමන ලෙස බයිඩන්ගෙන් ඉල්ලා සිටි පළමු ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයා වන පීටර් වෙල්ච්, හැරිස් නම් කිරීමේ “ක්‍රියාවලිය විනිවිදභාවයකින්” සිදු කරන ලෙස ඉල්ලා සිටියේ ය.

නමුත් බයිඩන් පසෙකට වුවහොත් නාමයෝජනා භාර දිය හැකි ප්‍රතිවාදීන් ලෙස හුවා දක්වා තිබුණු ඉහළ පෙළේ දේශපාලනඥයින් ඇතුළුව පක්ෂයේ බොහෝ දෙනෙකු ඇය පිටුපස පෙළ ගැසෙන බවට දැනටමත් ලකුණු තිබේ.

ජනාධිපතිරයෙකු බවට පත් වීමේ අභිලාෂයන් ඇති බවට විශ්වාස කෙරෙන කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම්, බයිඩන් “පරාර්ථකාමී” යැයි පවසමින් ප්‍රශංසාවට ලක් කළ අතර ට්‍රම්ප්ට මුහුණ දීමට තරම් “නිර්භීත” සහ “ප්‍රබල” චරිතයක් වන හැරිස් වෙත සහය දුන් බව පැවසීය.

පෙන්සිල්වේනියා ආණ්ඩුකාර ජොෂ් ෂපීරෝ පැවසුවේ “ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස කමලා හැරිස් තේරී පත්වීමට කළ හැකි සෑම දෙයක් ම කරන” බව ය.

වත්මන් ප්‍රවාහන ලේකම් සහ හිටපු ජනාධිපති අපේක්ෂකයෙකු වන පීට් බූටජජ්, බයිඩන් “ඇමෙරිකානු ඉතිහාසයේ සැලකිය යුතු බලපෑමක් ඇති කළ ජනාධිපතිවරුන්ගෙන් කෙනෙක්” යනුවෙන් පැවසුවේ, “කමලා හැරිස් මීළඟ ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට කළ හැකි සෑම දෙයක් ම කරනවා,” යනුවෙන් ද සඳහන් කරමිනි.

මිචිගන් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ග්‍රේචන් විට්මර් ප්‍රකාශ කළේ, ඇයගේ කාර්යය “එලෙස ම පවතිනවා… ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකු තෝරා පත් කර ගැනීමට සහ ඩොනල්ඩ් ට්‍රම්ප් නැවැත්වීමට මට කළ හැකි සෑම දෙයක් ම කරනවා,” යනුවෙනි.

මේ අතර, ඩිමොක්‍රටික් ජාතික කමිටුව සිය අරමුදල් රැස්කිරීමේ කමිටුවල නම්, Harris Victory Fund සහ Harris Action Fund ලෙස සංශෝධනය කිරීමට ඉල්ලා සිටියේ ය.

ප්‍රධාන ඩිමොක්‍රටික් ආධාරකරුවන් දෙදෙනෙකු වන LinkedInහි සම-අරමුදල්කරු රීඩ් හොෆ්මන් සහ ආයෝජක ඇලෙක්සැන්ඩර් සෝරෝස් හැරිස් වෙත ප්‍රසිද්ධියේ සහය පහළ කළහ.

බයිඩන්ගේ ප්‍රකාශයෙන් පැයක් ඇතුළත, ට්‍රම්ප් හිතවාදී අරමුදල් සපයන ව්‍යාපාරයක් වන ‘Make America Great Again’ ව්‍යාපාරය හැරිස්ට පහර දෙමින් දැන්වීමක් පළ කළේ, “ඇය ජෝගේ පැහැදිලි මානසික වියවුල් තත්ත්වය වසන් කළා” යනුවෙනි.

ට්‍රම්ප් මෙසේ ද පැවසීය: “කවුරු වමෙන් ආවත් දැන් වෙනසක් වෙන්නේ නැහැ.”.

ඔහුට ඡන්ද දායකයා ගැන විශ්වාසය.

Share69Tweet43
Previous Post

ලෝක වාර්තාවක් තබමින් ශ්‍රි ලංකා කෙල්ලෝ දෙවැනි තරගයත් දිනුම්…. චමරි නොදැවී 119ක්!

Next Post

22 ගැසට් කළ ලෙසම අවශ්‍යනම් ලබන සිකුරාදාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් කළ හැකියි… අධිකරණ ඇමති කියයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.