- කියන කතාවක් සාක්ෂි සාධක එකක් ඔප්පු කරන්න
- මට එල්ලුම් ගස් බලන්න අවශ්‍යතාවක් නෑ
- අනුරාධපුරේ ගියා කියන දවසේ ගියේ මාතර
බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සමඟ අනුරාධපුර බන්ධනාගාරයට හෝ එල්ලුම් ගහ බැලීමට වැලිකඩ බන්ධනාගාරයට තමන් ගිය බවට චෝදනා කරන අය ඒ සඳහා සාක්ෂි සාධක සහිතව පෙන්වන ලෙසට විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා අභියෝග කරයි.
තමන් ලොහාන් අමාත්‍යවරයා සමග අනුරාධපුරයට ගිය බව කියන සැප්තැම්බර් 12 වැනිදා කොළඹ සිට මාතර ඡායාරූපගත කිරීමකට ගිය බවත් අවශ්‍ය නම් මේ බව අධිවේගී මාර්ග පිටවීමේ ස්ථානයේ ආරක්ෂක කැමරා පරීක්ෂා කළ හොත් තහවුරු කර ගත හැකි බවත් අවශ්‍ය නම් තමන් සතුවද සාක්ෂි සාධක බව පවතින බවත් ඇය සඳහන් කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාළිකා ව සම සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඇය මෙහිදී සඳහන් කළේ තමන් ඔය කියන විවාදිත දිනයන් දෙක වන සැප්තැම්බර් 06 වැනිදා සහ 12 වැනිදා නොගිය බව තහවුරු කිරීමට සාක්ෂි සාධක ඕනෑ තරම් පවතින බවත් ඒවා මාධ්‍යයට ඉදිරිපත් කරන බවත් ඇය සඳහන් කළාය.
2020 වසරේ ලෝක විවාහක රූ රජිණ තරගය සදහා ශ්‍රි ලංකාව නියෝජිනය කිරීමේ වරම් ලබා සිටින පුෂ්පිකා ද සිල්වා මෙම සාකච්ඡාවේදී මෙසේද පැවසුවාය.
“ විවාහක රූ රැජිණක් මේ සිදුවීමට සම්බන්ධ බවට චෝදනා කළේ එක රූපවාහිනි නාළිකාවක්. මම ඒ නාළිකාව අයිති මාධ්‍ය ආයතනයේ සභාපතිතුමාට කතා කළා. ඒකේ ප්රවෘත්ති අධ්‍යක්ෂකට කතා කළා. ම ඔවුන්ට කිව්වා ඇයි මේ මඩ ගහන්නේ කියල. මේ දවස් දෙකේමම හිටපු තැන් සාක්ෂි සාධක සහිතව ඔබට ඉදරිපත් කරන්නම්. මොකද මගේ ගෙදර සීසීටීවී කැමරා තිබෙනවා.ඒවායින් පැය විසි හතරේම වාර්තා ලබා ගත හැකියි. සවුන්ඩ්ස් තිබෙනවා. අද තාක්ෂණයත් එක්ක මේ ජංගම දුරකථනත් එක්ක ඕනම පුද්ගලයකුගේ ගමන් බිමන් කළ කී දේ ගැන වාර්තා තබා ගත හැකියි. ඔය කියන වෙලාවන්වල මම හිටියේ කොහේදැයි දැනගන්න පුළුවන්. මම ලොහාන් ඇමතිතුමා එක්ක අනුරාධපුරේ ගියා කියන 12 වැනිදා මම කොළඹ ඉඳන් මාතර ගියා. ඡායාරූප ගත කිරීමකට මේ සාක්ෂි අධිවේගි මාර්ගයේ සීසීටීවී වලින් ගන්න පුළුවන්.
මට කිසිදු අවස්ථාවක බන්ධනාගාරගයක් ඇතුළත හෝ එල්ලුම් ගස් බැලිමේ අවශ්‍යතාවක් නෑ. මම එවැනි ඇමතිවරයෙක් සමඟ එවැනි ගමනක් නොගිය බව වගකීමෙන් කියනවා. පුළුවන් නම් මම ගිය බවට කොහේහරි සාක්ෂියක් තිබෙනවා නම් ඒක ඔප්පු කරන්න කියල ම අභියෝග කරනවා. යයි ද පුෂ්පිකා ද සිල්වා සඳහන් කළා.ය