බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුවන්ට අධ්‍යාපනය නොදී මොන දේ කළත් වැඩක් නෑ… මේ අපරාධය නවත්වන්න..

රෝහණ විජේවීරගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය අතුල සුමතිපාල  ආයාචනා කරයි...  

by editor
සැප්තැම්බර් 20, 2021
in පුවත්
Athula-Sumathipala
Share on FacebookShare on Twitter
  • නිදහස් අධ්‍යාපනය රැකීම වෙනුවෙන් මට තියෙන්නෙ ‍ වධකාගාර මැදින් ආපු ඉතිහාසයක්… නිදහස් අධ්‍යාපනය රැකීම ගැන දෙගිඩියාවක් නෑ….

  • කොතලාවල පනතින් අධ්‍යාපනයට වෙන අවුල දකින අපි දරුවන්ට අධ්‍යාපනය නොදීමෙන් වෙන විනාශය නොදකින්නේ ඇයි? .

  • මේ අහිමි කරන්නේ දරුවෙකුගෙ ජීවිතයෙ තියන වටිනාම කාලයයි.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කර වධකාගාර මැදින් පැමිණි ඉතිහාසයක් සහිත තමන්ට නිදහස් අධ්‍යාපනය රැකීම සඳහා කිසිම දෙගිඩියාවක් නැති  නමුත්  කොතලාවල අධ්‍යාපන පනතින් අධ්‍යාපනයටවන හානිය දකින සමාජය දරුවන්ට  අධ්‍යාපනය ලබා නොදීමෙන් ඇතිවන හානිය නොදකින හේතුව කුමක් දැයි නොවැටහෙන බව මහාචාර්ය අතුල සුමතිපාල කියයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ වෛද්‍යවරයා ලෙස සමාජය හඳුනාගෙන සිටින මහාචාර්ය සුමතිපාල මේ වනවිට එංගලන්තයේ කීල් විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන විද්වතෙකි.

ඔහු මේ ප්‍රකාශය කරන්නේ රූපවාහිනී වැඩසටහනකට එක් වෙමිනි.  එහිදී ඔහු කරන කතාව මෙසේය.

“දරුවො වරප්‍රසාද නැති අය. මට බරපතල ප්‍රශ්නයක් තියනවා දරුවන්ට පාසල් යන්න බැරි එක පිළිබඳව.“

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“මම 88 -89 වකවානුවේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කරලා වධකාගාර හරහා ආපු කෙනෙක්. නිදහස් අධ්‍යාපනය රකින්න කිසි දෙගිඩියාවක් නෑ.“

“හැබැයි  මට තියන ප්‍රශ්නය කොතලාවල පනතින් අධ්‍යාපනයට වෙන අවුලක් තියනවා නම්  මේ පාසල්වල ගුරුවරු උගන්වන්නෙ නැති එකෙන්  දරුවොන්ට වෙන මූලික අයිතීන් අහිමිවීම පිළිබඳව අපි දකින්නෙ නැත්තේ ඇයි කියන එක.“

“මා අදත් විශ්වාස කරන එක දෙයක් තියනවා. ගුරු පරම්පරාවේ අති බහුතරයක්  කැප වෙච්චි හොඳ අය. අවුරුදු  27ක් තියන ප්‍රශ්නයක් තියනවා. ඇත්ත. අසාධාරණයක් තියනවා. ඒක ඇත්ත. හැබැයි  ඒකට රටේ දරුවො වන්දි ගෙවන්න ඕන නෑ.“

“දරුවෙකුගේ පළමු දවස් 1000 තමයි වැදගත්ම කාලය. පූර්ව ළමා අවධිය. ඒක අහිමි වෙනවා මේ දරුවන්ට.  සීමා සහිතව හරි ලැබෙන මාර්ග ගත අධ්‍යාපනයත් දැන් නෑ…“

“අධ්‍යාපන පනතක් වැරදි නම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ බලගැන්විලා ඉන්නේ පාරට බැහැලා සටන් කරන්න. ඒත් මේ කුඩා දරුවො බලගැන්විලා නෑ. දැන් බලගැන්වෙන්න අවශ්‍ය අම්මලා සහ ගුරුවරු. ඒ  මේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන්.“

“අපි මොනවා කළත් රස්සාවල් දාලා ඇවිත් වැඩ කළත්, සුව විරුවො දිවා රාත්‍රියෙ වැඩ කරලා  ජීවිත ඉතුරු කළත් වැඩක්  නෑ මේ දරුවන්ගෙ අධ්‍යාපනය බිඳ හෙළුවොත්.“

“ඒ නිසා මා   යෝජනාවක් කරනවා.  මේ රටේ හැම අම්මා කෙනෙක්ම ගුරුවරු කරන්න මාධ්‍ය යොදා ගන්න.  මේක කරන්න පුලුවන්. අධ්‍යාපනයේ තියනවා භාවමය බුද්ධිය ගොඩනැන්වීම.  හුදු දේවල් දැනුම පතපොතින් ගන්න පුලුවන්.  හොඳ පුරවැසියො, අනික් මිනිහා ගැන හිතන්න පුලුවන් මිනිස්සු නායකයො  ගොඩනැගීමේ කටයුත්තට  දායක වෙන්න අම්මලාට පුලුවන්.“

“අපේ රටේ දරුවන්ගේ පොදු එන්නත්කරණ වැඩපිළිවෙළ  සියයට අනූ පහක සාර්ථකත්වයක් පෙන්නුවෙ කාන්තාවන් දැනුම්වත් නිසා.  මේ අවස්ථාව අපි පාවිච්චි කරන්න ඕන දරුවන්ගෙ මූලික අයිතිවාසිකම් දිනාගන්න.“

“මූලික අයිතිවාසිකම කියන්නෙ මගේ අයිතිවාසිකම විතරක් නෙමෙයි. අනික් අයගේ යුතුකම වගකීම වෙනුවෙනුත් ඉදිරිපත් වීම.“

“මා යළිත් කියන්නම්.  දරුවන්ට මුල් තැන. අපි හැමදේම කරන්න ඕන දරුවො වෙනුවෙන්.‘

Tags: නවතම
Share69Tweet43
Previous Post

“යුගදනවිය“ට එන ඇමෙරිකානු කොම්පැණියේ බැල්ම “ස්වභාදනවිය“ටත්!

Next Post

ලොහාන් සමග එල්ලුම් ගහ බලන්න ගිය දා හිටියේ කොහේදැයි පුෂ්පිකා කියයි

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.