බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජපක්ෂලාගේ පැටිකිරිය හෙළි කළ මිද්දෙණියේ කජ්ජාගේ ඝාතනය පසුපස ඉන්නේ කවුදැයි සොයන බව නියෝජ්‍ය අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට කියයි!

තමන්ව මරන්න දුන් කොන්ත්‍රාත් ගැනත් මිද්දෙනියේ කජ්ජා සිය සම්මුඛ සාකච්ඡාවේ දී හෙළි කරයි...

by editor
පෙබරවාරි 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මිද්දෙනියේ දී ඝාතනය වුන අරුණ විදානගමගේ හෙවත් මිද්දෙණියේ කජ්ජා ගේ ඝාතනය පසුපස ඉන්නේ කවුරුන්දැයි විමර්ශනයක් කළ යුතු බව නියෝජ්‍ය අධිකරණ ඇමති සුනිල් වටගල අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඊයේ රාත්‍රියේ සිය දරුවන් දෙදනා සමග යතුරුපැදියෙන් පැමිණෙද්දී තවත් යතුරු පැදියකින් පැමිණි ඝාතකයින් දෙදෙනෙක් විසින් ටී 56 ගිනි අවියකින් වෙඩි තබා මිද්දෙණියේ කජ්ජා ඝාතනය කර තිබිණි. එම වෙඩි තැබීමෙන් ඔහු සහ ඔහුගේ හය හැවිරිදි සිඟිති දියණිය මිය ගිය අතර නව හැවිරිදි පුතා ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේය.

මිද්දෙණියේ කජ්ජා හෙවත් අරුණ විදානගම ඝාතනයට පෙර ඔහු චමුදිත සමරවික්‍රමගේ ටෲත් විත් චමුදිත නාලිකාව සමග සම්මුඛ සාකච්ඡා දෙකකට පැමිණ රාජපක්ෂ පවුලේ අපරාධ සම්බන්ධව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය.

ඔහු කීවේ තමන් ඕනෑම මොහොතක ඝාතනය විය හැකි බවය. මහින්ද රාජපක්ෂගේ මාමාගේ පුතාවන කපිල දිසානායක නැමැති පුද්ගලයා තමාව මරා දැමීම සඳහා අඟුනකොලපැස්ස බන්ධනාගාරයට ගොස් පාතාල අපරාධකරුවෙකුට කොන්ත්‍රාත්තුවක් ද ලබා දුන් බව ඔහු එම නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ඡාවේ දී හෙළි කළේය.

එමෙන්ම ඔහු කීවේ මේ හෙළිදරව්ව කර තමන්ට එම ස්ථානයෙන් එළියට බැසීමට හෝ හම්බන්තොට ප්‍රදේශයේ කිසිම තැනක ජීවත්වීමට නොහැකිවන බවත් තමන් ජීවත් වෙමින් ඇත්තේ සැඟවී බවත් ඔහු හෙළි කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එමෙන්ම රාජපක්ෂලාගේ අනුදැනුම ඇතිව කළ ඝාතන සම්බන්ධව ද ඔහු කීවේය. මේ තත්ත්වය මතු කරමින් අද නියෝජ්‍ය අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ මෙවැන්නකි.

“මිද්දෙනිය ඝාතනය පසුපස ඉන්නේ කවුද කියලා අපි පරීක්ෂණයක් කරන්න ඕන. මේ පුද්ගලයා රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත් කරලා කරලා ඊයේ පෙරේදා මම දැක්කා වෙබ් අඩවිවලට ඒ අය ඉන්ටවිව් දෙනවා. දැන් ඒ අයත් තරහා වෙලා රාජපක්ෂවරුත් එක්ක. මේ ඝාතනයට ලක් වුන පුද්ගලයා. ”

“ඒ පිළිබඳව අපි යළි පරීක්ෂණ කරන්න ඕන මේ ඝාතකයින් පසුපස ඉන්නේ කවුද කියලා. මොකද මෙයාලගේ සංස්කෘතියක් වෙලා තියනවා… සාක්කි මරණවා. අද නීතිපතිවරයාට නීතිපති දෙපාර්තමේන්තුවට ඇතිවෙලා තියන ලොකු ප්‍රශ්නයක් තමයි මේ සාක්කි මැරීම. ඇයි… මේවා දේශපාලන ඝාතන. ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ දි මොකක් වෙලා තියෙන්නේ. ආණ්ඩු කළේ ඒ ගොල්ල. අවුරුදු 17කට පස්සේ අපට නඩුවක් දීලා කියනවා දැන් මේ වැඩේ කරන්න කියලා.”

“එක්නැලිගොඩ අතුරුදහන් කළ නඩුවේ, ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ, සාක්ෂි අතුරුදහන් කරලා තියෙන්නෙ. තාජුඩීන් ඝාතනයේ සාක්ෂි අතුරුදහන් කරලා තියෙන්නේ. ඇඟල්ල දික්කරලා කියනවා මේ සාකට මහත්තයට.. අද මෙතන පුරසාරම් දොඩලා යනවා රාජපක්ෂ පවුලට උරුම නෑකම් කියන ඝාතන මේවා.”

“රිචඩ් ද සොයිසා ඝාතනය කරලා ඊයෙට සංවත්සරය තිබුණේ. මේවා දේශපාලන ඝාතන. ”

“සාක්ෂි මැරීමේ කටයුතුවල පිටිපස්සේ ඒ ගොල්ල ඉන්නේ. හැබැයි අපි මේ සම්බන්ධව පුලුල් පරීක්ෂණ කරනවා. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගණේමුල්ල සංජීවගේ ඝාතකයා අත් අඩංගුවට…

Next Post

අලිමංකඩ ලුණු තොග මාර්තු මුල් සතියේ වෙළෙඳපලට… ලුණු මෙට්‍රික් ටොන් 2000ක සංචිතයක් සූදානම්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.