නීතිඥයෙක් සේ වෙස්වලාගෙන පැමිණ අලුත්කඩේ අධිකරණය තුළ දී ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ ඝාතකයා පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් අත් අඩංගුවට පත් වී තිබේ.
මෙසේ අත් අඩංගුවට පත්වන්නේ මොහොමඩ් උස්මාන් නැමැත්තෙකි. ඔහු මනා ගිනි අවි පුහුණුවක් සහිත අයෙක් බව අනාවරණය වේ.
මෙම සිද්ධියෙන් අනතුරුව අදාල ඝාතකයා අධිකරණ භූමියෙන් පැන යෑම හදිසි අවස්ථාවක දී ගත හැකි කිසිම ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව ද මේ වනවිට විමර්ශන අංශ අවධානයට ලක් වී තිබේ.
“අපි වෙච්චි සිද්ධි ගැන කණගාටු වෙනවා. ඝාතකයා පුත්තලමේ දි අත් අඩංගුවට ගත්ත බව දැන් අපට ආරංචි වෙලා තියෙනවා. මින් පෙර මේ අධිකරණයට විනිශ්ඡයකාරවරු එන්න ප්‍රථම මුළු අධිකරණ භූමියම විශේෂ පරීක්ෂාවකට ලක් කළා. ඒක නැති කළේ 2023 ජනවාරි 2 දා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කාලෙදි. ” අධිකරණ නියෝජ්‍ය ඇමති සුනිල් වටගල අද පාර්ලිමේන්තුවේ දී කීවේය.
අත් අඩංගුවට ගත් ඝාතකයා මේ වනවිට කොළඹට රැගෙන එමින් ඇත.







