කීර්ති ප්‍රනාන්දු –
මැල්කම් කාදිනල් රන්ජිත් කොළඹ අග රදගුරු තුමෝ අද අභිනවයෙන් පත් වූ නව පාප් වහන්සේ වූ 14වන ලියෝ පාප් වහන්සේ හමුවූහ.
69 හැවිරිදි රොබට් ප්‍රෙවොස්ට් 14වන ලියෝ ලෙස පදවි ප්‍රාප්ත වන්නේ ඉතිහාසයේ 267 වන පාප් වහන්සේ ලෙසය.
මිෂනාරීවරයෙකු ලෙස වසර ගණනාවක් ගත කර ඇති රොබට් ප්‍රොවොස්ට් හිමිපාණන්, පේරුහි අගරදගුරු පදවියද දරා තිබුණහ. නව පාප් වහන්සේ තෝරා ගැනීමේ ඡන්දයට කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ ද සහභාගී වූහ.








