බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

අනුර ට වඩා ෂෝක් රනිල් ද?. සජිත් ද?. හරියටම තෝරාගෙන පවුකාර අඩු කුළේ ආණ්ඩුවට ගල් ගහන්න පෝලිමේ එන්න…

by editor
මැයි 14, 2025
in දේශපාලන
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ලෝකයේ කිසිම තැනක පොදු ජන විඤ්ඤාණය ගැඹුරු හැදැරීමකින් හෝ මැදහත් කියැවීමකින් ගොඩනැගෙන්නේ නැත. ආසියානු කලාපයේ ඒ ස්වරූපය විශේෂය. ඉතිහාසය පුරාම ලංකාව තුළ  නායකත්වය යනුම ප්‍රභූ ආධිපත්‍යයක් වූයේය. රජවරුන්ගේ පාලනය යටතේ පැවති සමාජයක රාජාණ්ඩු ක්‍රම සම්ප්‍රදාය ස්වභාවික සමාජ පරිවර්තනයකට ඉඩ නොසලසන ආගන්තුක බටහිර අධිරාජ්‍යය පාලනයකට රට යටත්ව පැවතිනි. ඉන් අනතුරුව යළිත් වරක් මේ දේශපාලන බලය මාරු වන්නේ එම අධිරාජ්‍ය සම්ප්‍රදාය තුළ ගර්හිතව වැඩී ගිය ප්‍රභූ කුලකයක් වෙතය.

රටේ පොදු ජන පිරිස

රට තුළ අක්මුල් විහිදී පැවතියේ මේ ප්‍රභූ දේශපාලනයේ පාර්ශව බෙදා ගෙන තම තමන්ගේ පාර්ශවයන් කරන ඕනෑම කුපාඩිකමක් සාධාරණීකරනය කරමින් ඔවුන් රැක බලාගත් පොදු ජන පිරිසක් සහිත දේශපාලන සමාජයකි. දශක හතක ව්‍යසනයට වගකිව යුතු වන්නේ දේශපාලකයන් ද, ඊට සමාන අනුපාතයකින් ඔවුන් ආරක්ෂා කළ, ඔවුන් අනුමත කළ ඔවුන් වෙනුවෙන් මිනී මරාගත් ඔවුන්ගේ වංචා දූෂණ හෝ ජඩකම ස්වභාවික පැවැත්මක් ලෙස සාධනීය කළ රටේ මිනිස්සුත් වගකිව යුතුව තිබිණි. මිනිස්සුන්ට අවශ්‍ය නැති කිසිම දෙයක් බලයෙන් ලබා දෙන්නට වද වෙන පාලකයින් ලෝකයේ කිසිම තැනක බිහි වන්නේ නැත. පාලකයා යනු පොදු මහ ජන අවශ්‍යතාවයේ සහ ආකල්පයේ නිර්මාණයක් වන බැවිනි. මේ ක්‍රමයේ මොනම ආකාරයක හෝ පරිවර්තනයක් කිසිම දේශපාලන පක්ෂයක් අපේක්ෂා කළේ නැත.

තමන් මේ තරම් කාලයක් ආරක්ෂ කරගත් තමන්ගේ සංකල්ප නායකයින් හොරුන් දූෂිතයන් අපරාධකරුවන් කොමිස් මරුවන් බව ප්‍රායෝගිකව සමාජයට වැටහෙන්නේ මිනිස්සුන්ට තම තමන්ට පුද්ගලික වශයෙන් කෙළවුන පසුය. ඉන්ධන ටිකක් නැති, ගෑස් සිලින්ඩරයක් නැති, බෙහෙත් පෙත්තක් නැති, ව්‍යාපාර බිඳ වැටෙමින් තිබුණ බංකොලොත් රටක ගෙදර පොඩි උන් හාමතේ තබන්නට සිදුවන විට, අධ්‍යාපනය ලබා දෙන්නට බැරිවන විට, තම තමන් තනි තනි වශයෙන් හිඟන්නන් තරමට අසරණවන විටය. ඒ මොහොතේ ආවේගය ජනතා නැගිටීමක් වී රටේ පාලකයා පළවා හැරියේය. ඒ අවේගයට අවස්ථාව සැලසුනි. පොලිසියේ මෙන්ම හමුදාවෙත් හිටියේ ආර්ථික අර්බුදයේ කරවටක් ගිලී ගිය සාමාන්‍ය මිනිස්සුය.

ඒ ආවේගය රටේ දේශපාලන සංස්කෘතිය පොලොවේ ගැසුවේය. පක්ෂ දේශපාලනය කුඩුපට්ටම් වුනේය. සියයට 3ක ඡන්ද පදනමක් සහිත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධානකොට ගොඩනැගුන ජාතික ජන බලවේගය මහා ජන බලයක් වී සියයට 60කට අධික ජන බලයක් සහිතව රටේ බලය ලබා ගත්තේය.

අප දැන් දකින්නේ එක රැයකින් පරිවර්තනයක් අවශ්‍ය මනුෂ්‍යයින්ගේ ආවේගයන්ය. එමෙන්ම අඩු කුලයේ උන් තමන්ව පාලනය කරන්නට ආවාක් බඳු හැඟීමකින් හැසිරෙන කුලකයක වෛරී වේදනාවය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

බිහිසුණු රාජ්‍යය

එමෙන්ම ජනතාව විසින් පරාජය කර කුජීත කළ පිරිස් විසින් මෙහෙයවමින් ඇත්තේ අපට සිතාගත නොහැකි තරමේ තියුණු   සැලසුම් බව අතීත අත්දැකීම් කියා දෙයි. මේ රට යනුම ප්‍රකාශිත ජනතා බලයට වඩා බලවත් නිලධාරී යාන්ත්‍රණයක් දූෂිත දේශපාලනයේ අක්මුල් මත රැඳී බිහිසුණු රටකි. ඒ විහිදීම තුළ වෘත්තීමය බුද්ධි බලයක් ද මිලිටරි බලයක් ද සංකලනය වී තිබේ. පාස්කු ප්‍රහාරය එල්ල වන්නේ ජනතා බලයෙන් පැවති ආණ්ඩුව වෙනස්ව රාජපක්ෂලා ප්‍රතික්ෂේපව කුණු කානුවට වැටී වසර 03ක් තුළය. එය අවධානයට යොමුවිය යුතු යැයි හැඟෙන කාරණාවකි.

අප මේ මොහොත ගත කරන්නේ ව්‍යසනයන් දේශපාලන බලයක් සහිතව සැලසුම් කළ බවට චෝදනා ලද, එම දීර්ඝ සැලසුම් හෙළි නොවන ආකාරයට ව්‍යාකූල කළ, ජන මනස බුද්ධි මෙහෙයුම් හරහා විකල් කිරීමේ හැකියාවක් සහිත තීක්ෂණ මිනිසුන් ඉහළ තලයේ තවමත් හැසිරෙමින් ඇති රාජ්‍යයක් තුළය. අප රටක් ලෙස කම්පනයට පත් විය යුත්තේත් බිය විය යුත්තේත් විකල් බලවේග එක මිටට ගෙන පරාජය කළ මහා විශාල ජනතා බලයට අභියෝග කරමින් මෙතෙක් බෙදී කල්ලි ගැසී සිටි කණ්ඩායම් එක් මිටකට කේන්ද්‍රවෙමින් තිබීම ගැනය.

මේ වනවිට එම බුද්ධි මෙහෙයුම ආරම්භ වී ඇති ආකාරය දැක ගත හැකිය. මහා කතාබහක විසිවෙන වචන අල්ලාගෙන, පොදුවේ සමාජය තුළ ඇති විය හැකි සංසිද්ධින් දේශපාලනික මඩකට පරිවර්තනය කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ කරන දැවැන්ත ව්‍යාපාරික ආයෝජනය පොදුජන ආකල්ප පරිවර්තනයට දියත් වී ඇති ආකාරය පිළිබඳ අපට පෙනුනත් ඒ සම්බන්ධව ආණ්ඩුවට තක්සේරුවක් නැති බව පෙනෙන්නේය.

මේ ප්‍රවාහය උත්ප්‍රෙරණය කරන මාලිමාවේ උද්දච්ඡ දේශපාලකයින් අතලොස්සක් ද වෙති. එමෙන්ම පට්ට ගොං කතා කියමින් පක්ෂයත් වටේ යවන ගෝතකරුම කීපයක් ද සිටී. මේ පිරිස ඉලක්ක කරගෙන කෙරෙන මාධ්‍ය මෙහෙයුමක ලාබ ගොදුරු බවට ඔවුන් පත්වන්නේ මිනිස්සුන් තුළ තමන් ගොඩනැගූ ආණ්ඩුව පිළිබඳ සිහිනය හෑල්ලු කරමිනි. මේ ලියන අපත් ඒ සම්බන්ධව සිටින්නේ බිඳ වැටුණු අපේක්ෂා සහිතවය. මේ ගොඩනගන ප්‍රති විරෝධයට රජයක් ලෙස සාමුහිකව සාධනීය ලෙස ප්‍රතිචාර දැක්වීමේ නොහැකියාවත්, ප්‍රශ්නයක් එන විට එම ප්‍රශ්න ඉදිරියේ “පැණික්වන” ආකාරයත් හරහා මතුවන ආධුනික බව විසින් බිඳ දමන්නේ රජය පිළිබඳව මිනිස්සුන් තුළ ගොඩ නැගුන ගාම්භීර චිත්ත රූපය ය.

මේ චිත්ත රූපය නඩත්තු කරගැනීමට නොහැකිවන අවස්ථාව මේ රජයේ බිඳ වැටීමේ සලකුනු කරන බව රජයට එරෙහි බුද්ධි මෙහෙයුම ක්‍රියාත්මක කරන පිරිස් හඳුනාගෙන ඇති අයුරු දකිමු. වැඩ බැරි කයිකාර ආණ්ඩුවක් ලෙස මේ වනවිට මේ රජයට තබා ඇති මුද්‍රාව තහවුරු කිරීමේ මෙහෙයුමේ ස්වරූපය පිළිබඳ බුද්ධි ඇගයීමක්වත් ආණ්ඩුවට තිබේ දැයි අප දන්නේ නැත.  මේ බුද්ධි මෙහෙයුමට පිළිතුරු සපයන්නේ කෙසේ ද,  දැනට රජය විසින් නඩත්තු කළ යුතු නිලධාරී යාන්ත්‍රණයේ මොනතරම් කොටසක් රජයට අවංකදැයි යන්න පිළිබඳ කියැවීමක් රජයට තිබේදැයි අප දන්නේ නැත. අපට පෙනෙන එකම දේ රජය සැලසුම් කළ ආකාරයට දූෂණයට එරෙහි වී වංචාවට එරෙහි වී යහපත් පැවැත්මක් ප්‍රකට කරමින් ඉදිරියට යෑමේ පරම පාරිශුද්ධ සංකල්පීය ආදර්ශය මහපොළොවේ සැබෑ කිරීම ඡන්දය දිනුවාට වඩා අසීරු බවය.

ඇත්ත නම් මේ රටේ අති බහුතරය යනු තමන්ට කෙලවෙන තෙක් තමන්ගේ පහසු පැවැත්ම උදෙසා වංචාකාරයන් දූෂිතයින් සාධාරණීකරණය කරමින් රක්ෂා කළ පිරිසකගේ අති බහුතරය වීමය. ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවට පත්වන පිරිස අඩු වැඩි වශයෙන් ද මේ කුලය නියෝජනය කරන බව ආන්ඩුව පිළි නොගැනීමය. තමන්ගේ දේශපාලන ප්‍රවාහයට එක් වූ සැනින් මෙතෙක් ගොඩනගාගත් චර්යා කප්පාදු කරගෙන කාඩරයෙක් වනු ඇතැයි ඇති කරගත් පුරෝකථනය කෙතරම් ප්‍රායෝගිකදැයි කාලය විසින් ආණ්ඩුවට කියා දෙනු ඇත.

අනෙක මේ පොදු ජන බලය ඕනෑම මොහොතක විතැන්වීමේ අවදානම ඇති බව සමාජයේ අතීත හැසිරීම ප්‍රකාශ කර තිබේ. මේ බලය වින්දනය කිරීමට නොව, මේ බලයට රජය බිය විය යුතු බව අප මින් පෙර අවස්ථා ගණනක දී කීවේ මේ යථාර්ථය දකිමිනි.

ඒ මොන තත්ත්වයක් යටතේ වුව ද මේ ලැබූ දේශපාලනික ජයග්‍රහණය ලෝකය ඉදිරියේ පෙනෙමින් ඇත්තේ මහා විශ්මයක් ලෙසය. එය දේශපාලනික කුහක බවකින් තොරව තේරුම් ගත යුතුව ඇති කතාවකි.

ලෝකයක් ආශීර්වාද කළ ජනතා පෙරළිය

ලෝකය වර්තමානයේ අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී ප්‍රවණතා රැල්ලක් අත්විඳිමින් ඇත, එක්සත් ජනපදය, ප්‍රංශය සහ රුසියාව වැනි විවිධ කලාපවල දේශපාලන භූ දර්ශන නැවත සකස් කරමින් සිටී. මෙම ගෝලීය ප්‍රවණතාවය ඒ සමඟම ජාතිකවාදය, සහ බැඳුන වඩාත් ඒකාධිපති පාලනයක් කරා මාරුවීමකට ගෙනැවිත් ඇත.

ශ්‍රී ලංකාවේ සුවිශේෂී දේශපාලන පරිවරත්නයක් මතු වන්නේ මෙම ගෝලීය ප්ලාවිතය මධ්‍යයේය. එය ජනතාව අතරින් නායකයෙකුගේ නැගීමකට තුඩු දුන් බිම් මට්ටමේ පරිවර්තනීය ආරෝහනයකි. ජාතිකවාදී දේශපාලනය ආධිපත්‍යය දරන ලෝකයක මෙම පරිවර්තනය දුර්ලභ ව්‍යතිරේකයක් වන අතර එය ජනතාව විසින් මෙහෙයවනු ලබන දේශපාලන වෙනසක අද්විතීය අවස්ථාවක් ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රී ලංකාවේ දේශපාලන නැගිටීම ආරම්භ වූයේ අධික දූෂණය, ආර්ථික අවකලනය සහ දේශපාලන ඥාති සංග්‍රහයට එරෙහි මහජන විරෝධතාවක් ලෙස ය. 2022 දී උච්චතම අවස්ථාවට පැමිණි ජනතා ව්‍යාපාරය, දිගු කලක් තිස්සේ ස්ථාපිත රාජපක්ෂ පාලනය නෙරපා හැරීමෙන් අවසන් විය. ජාතිකවාදී උද්යෝගයෙන් සංලක්ෂිත අනෙකුත් දේශපාලන මාරුවීම් මෙන් නොව, ශ්‍රී ලංකාවේ පරිවර්තනය මෙහෙයවනු ලැබුවේ ජනතාවගේ අවශ්‍යතා තුළ මුල් බැසගත් වගවීම, විනිවිදභාවය සහ පාලනය සඳහා වන පක්ෂග්‍රාහී නොවන ඉල්ලීමක් මගිනි.

ශ්‍රී ලංකාවේ පරිවර්තනයේ නිර්වචන ලක්ෂණයක් වන්නේ දේශපාලන ප්‍රභූ පැලැන්තියේ නොව පොදු පුරවැසියාගේ නියෝජිතයෙකු ලෙස සැලකෙන නායකයෙකුගේ මතුවීමය. මහජන නායකයෙකුගේ නැගීම දූෂණය ප්‍රතික්ෂේප කරන සහ ආන්තිකකරණයට ලක් වූවන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන නව දේශපාලන ක්‍රමයක් සඳහා ඇති ආශාවේ ප්‍රබල සංකේතයක් වූයේය. බොහෝ දේශපාලන සංක්‍රාන්ති ජනප්‍රිය බලවතුන්ගේ සහ ජාතිකවාදී න්‍යාය පත්‍රවල නැගීම මගින් සනිටුහන් වන ගෝලීය සන්දර්භය තුළ මෙම මාරුව අතිශය තියුණු සහ ප්‍රභාත්මක සලකුණක් තැබුවේය.

දේශපාලන පරිවර්තනයට ජාත්‍යාන්තර ප්‍රතිචාරය

ශ්‍රී ලංකාවේ දේශපාලන පරිවර්තනයට ජාත්‍යන්තර ප්‍රතිචාරය ශුභවාදී වී ඇත. දූෂණය සහ ආර්ථික පරිහානිය සමඟ පොරබදමින් සිටින ජාතීන් සඳහා විභව ආදර්ශයක් ලෙස විශ්ලේෂකයින් එය සලකයි. නව නායකත්වය යහපාලනය, වගවීම ඇතුළත් ආර්ථික සංවර්ධනයට බැඳුන මූලධර්මවලට අනුගත වනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව බලාපොරොත්තුව පළ කර තිබේ. තවද, ශ්‍රී ලංකාවේ දේශපාලන මාරුව සමාන සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දෙන රටවල සමාන බිම් මට්ටමේ ව්‍යාපාරවලට පෙළඹවිය හැකි බවට අපේක්ෂාවක් ද ලෝකය තුළ පවතී.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සඳහා ඉදිරි මාවත අභියෝගවලින් පිරී ඇත. දශක ගණනාවක දූෂණයෙන් හා ඥාති සංග්‍රහයෙන් ප්‍රතිලාභ ලබා ඇති මුල් බැසගත් දේශපාලන ප්‍රභූන්ගෙන් නව රජයට සැලකිය යුතු ප්‍රතිරෝධයකට මුහුණ දීමට ඉඩ තිබේ.

ඊට අමතරව, දේශීය හා ජාත්‍යන්තර යන දෙඅංශයෙන්ම බලගතු උනන්දුවක් දක්වන කණ්ඩායම්, නව නායකත්වයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය අඩපණ කිරීමට උත්සාහ කළ හැකිය. ආර්ථික අස්ථාවරත්වය, ඉහළ ණය මට්ටම් සහ චීනය සහ ඉන්දියාව වැනි ප්‍රධාන බලවතුන්ගෙන් එල්ල වන භූ දේශපාලනික පීඩනයන් ද ප්‍රබල බාධක ඉදිරිපත් කරනු ඇත.

එපමණක් නොව, නව රජය ආර්ථික ප්‍රකෘතිය සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වුවහොත් ජනතාව අතර කලකිරීමේ අවදානමක් පවතී. එවැනි තත්වයක් තුළ, ජාතිකවාදී සහ අන්තවාදී කොටස් මහජන කලකිරීම ගසාකෑමට හැකියාවක් තිබේ, එමඟින් බිඳෙනසුලු දේශපාලන සමතුලිතතාවය අස්ථාවර විය හැකිය.

මෙම අභියෝග තිබියදීත්, ජාතිකවාදී සහ අධිකාරීවාදී පාලන තන්ත්‍රයන් විසින් වැඩි වැඩියෙන් ආධිපත්‍යය දරන ලෝකයක ශ්‍රී ලංකාවේ දේශපාලන පරිවර්තනය බලාපොරොත්තුවේ දීප්තියක් ලබා දෙයි.

ගෝලීය ජාතිකවාදී ප්‍රවණතා මධ්‍යයේ ජනතා නායකයෙකුගේ නැගීම, බිම් මට්ටමේ ක්‍රියාකාරිත්වයේ කල් පවතින බලය සහ ජනතාවගේ කැමැත්තෙන් මෙහෙයවනු ලබන ධනාත්මක දේශපාලන වෙනසක් සඳහා ඇති හැකියාව අවධාරණය කරයි.

මේ පරිවර්තනයට දෙස් දෙවොල් තැබීමට පෙර එක් අභ්‍යාසයක් කළ හැකිව තිබේ. මේ මොහොතේ රාජ්‍ය බලය තිබුණේ රනිල් වික්‍රමසිංහට නම් කුමක් සිදුවිය හැකිව තිබිණි ද?. රනිල් වික්‍රමසිංහගේ හැසිරීම කෙසේ වනු ඇති ද?. ඔහු වටා සිටින පිරිස කවු ද?

එම බලය සජිත් ප්‍රේමදාස සතුව තිබිණි නම් සිදුවිය හැකි දේ කුමක් ද?. ආන්ඩුවේ දේශපාලකයින්ට වඩා ඔහුගේ උද්දච්ඡකම අඩු විය හැකි ද? එවැනි ආණ්ඩුවල බලය බෙදී යනු ඇත්තේ කවර පිරිස් වටා ද?.

මේ පරිවර්තනය නරක ද?. ඉන් පසුව ඔබට මේ පවුකාර අඩු කුලේ ආණ්ඩුවට ගල් ගැසිය හැකිය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දුර ගමන් බස් රථ අධීක්ෂණයට පොලිසි විශේෂ මෙහෙයුමක් අරඹයි!

Next Post

මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ පාප් තුමෝ හමුවෙති…

Related Posts

sri-lanka
දේශපාලන

විධායකයේ ප්‍රකාශ සහ අධිකරණ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටිකෝණයකින් විමසමු!

මැයි 12, 2026
දේශපාලන

රාජ්‍යතාන්ත්‍රික හමුවකට එහා ගිය   වියට්නාම් ජනාධිපති  ගේ ශ්‍රී ලංකා සංචාරයේ කතාව…

මැයි 9, 2026
TO LAM
දේශපාලන

රටේ සිදුකරගත් දේශපාලන පෙරළියේ ජාතික අභිලාෂය යළි අපට සිහි කරමින් වියට්නාම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාව!

මැයි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.