බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැණික්හින්න රෝහලේ ගැටුමක්… 10ක් රෝහලේ… කාර්ය භාර වෛද්‍ය නිලධාරියාත් ඒ අතර… ( වීඩියෝ සහිතයි) 

by editor
අප්‍රේල් 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මැණික්හින්න ප්‍රාදේශීය රෝහලට රෝගියෙකු රැගෙන ගිය  පිරිසක් සහ රෝහල් කාර්යම මණ්ඩලය අතර ඇති වූ ගැටුමක් ගුටිබැට හුවමාරුවක් තෙක් දුර දිග යෑමෙන් තුවාල ලද    දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා ඇතුළු දස දෙනෙක්  ප්‍රතිකාර සඳහා පේරාදෙණිය සහ මැණික්හින්න රෝහල් වෙත ඇතුළත් කර තිබේ.

තුවාල ලද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සිවු දෙනෙක් මැණික්හින්න රෝහලේත් රෝගියා රැගෙන පැමිණි පිරිසගෙන් හය දෙනෙක් පේරාදෙණිය රෝහලේත් ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මැණික්හින්න පොලිසිය පවසන පරිදි සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

දිගන ප්‍රදේශයේ අවුරුදු උත්සවයකට සහභාගී වෙමින් සිටිය දි  ජලය යැයි කියා පෙට්‍රල් වලින් මුහුණ සේදීමෙන් ඇස්වල ඇති වූ අධික දැවිල්ල හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඊයේ පස්වරු 6.40ට පමණ රෝගී පුද්ගලයෙක් රැගත් පිරිසක් මැණික්හින්න රෝහලට පැමිණ ඇත.

එදින සවස රෝහල් පරිශ්‍රයේ දී රෝහල් කාර්ය මණ්ඩලය ද අවුරුදු  උත්සවයක් පවත්වමින් සිට ඇත. ප්‍රතිකාර ගැනීම සඳහා රෝගියා රැගෙන එන විට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එකම ටී ෂර්ට් එකකින් සැරසී හිඳ තිබේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනා රෝගියා රැගෙන පැමිණි පිරිස පවසා ඇත්තේ  රෝහල් කාර්ය මණ්ඩලය  බීමතින් සිටි බව පෙනී ගිය හෙයින් ඒ සම්බන්ධව ඔවුනගෙන් විමසූ බවත්, එයින් කිපුණු රෝහල් කාර්ය මණ්ඩලය යකඩ බට හා ගල් මුගුරුවලින් තමන්ට පහර දුන් බවත්ය.

රෝගියා රැගෙල පැමිණි පිරිස පවසන්නේ ඇස් වලට පෙට්ට්‍රල් වැටීම නිසා අධික වේදනාවෙන් පසු වූ තරුණයාට ද   රෝහල් කාර්ය මණ්ඩල  සාමාජිකයින් අමානුෂිකව  පහර දුන් බවය. ගැටුම ඇතිවන අවස්ථාවේ රෝහලේ වෛද්‍යවරයා ද බීමතින් සිටි බවට ද චෝදනා එල්ල වී තිබේ.

මැණික්හින්න රෝහලේ කාර්යභාර වෛද්‍ය නිලධාරී ඩබ්.සී.කේ. වීරපාන පවසන්නේ  සිද්ධිය වූ දින රෝහල් පරිශ්‍රයේ අවුරුදු උත්සවයක් පැවැත්වෙමින් තිබූ බවත්  ඉරිදා නිවාඩු දින වුවද තමන් රෝහලේ සේවයට වාර්තා කර සිටි බවත්ය.

ගැටුමෙන් රෝහලේ පරිශ්‍රයේ නවතා තිබූ වාහන පහකට අලාභහානි සිදුව ඇත. එම වාහන අතර රෝගියා රැගෙන ආ ගෙන ආ තීුරෝද රථය ද රෝහල ආසන්නයේ නවතා තිබූ පෞද්ගලික මෝටර් රථයක් ද තිබෙන බව පොලීසිය පවසයි.

වාර්තාවන පරිදි රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා රැගෙන රෝහලට පැමිණි පිරිස අතර ගැටුම උත්සන්න වනවිට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පිරිස් ද රෝහල් පරිශ්‍රයෙන් ඉවතට දිව ගොස් ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී චන්ද්‍රපාල  ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

පහරදීමට සම්බන්ධ වූ දෙපාර්ශවයෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේනක තලගල   ගේ මෙහෙයවීමෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.  මෙම ගැටුමෙන් රෝහලේ රෝද පුටු හා දොර ජනෙල් කිහිපයකට අලාභහානි සිදුව ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රට තුළ ඇති ජලාශවල දිය නෑමට නුසුදුසු අවදානම් ස්ථාන 1000කට වැඩියි… ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග කියයි!

Next Post

බාර් එපා – බාර් ඕන…  බේබදු – අමධ්‍යප සන්ධාන මුහුණට මුහුණ විරෝධතාවයකින් දිගන රත් වෙයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.