සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මසාජ් එකට පැමිණි දොස්තර නිරුවත් කර ලක්ෂ 10ක් කොල්ල කෑ කල්ලියේ ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂිකාවක්!

by editor
නොවැම්බර් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු පළාතේ රෝහලක වෛද්‍යවරයකු නිරුවත් කර බිය ගන්වා රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂිකාවක ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර එම අපේක්ෂිකාවගේ බෑනා සහ ත්‍රී රෝද රථ රියදුරකු වන සැමියාදවන බව පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක හා ඇයගේ සැමියා ඇතුළු සැකකරුවන් අද (12) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ නියෝග කර තිබිණි. සිද්ධියට අදාළ සැකකරුවන් අද පස්වරුවේ බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා අද (12)  දිනයේදී  ආවරණය කර ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සමාජ මාධ්‍යයෙන් දැන හඳුනා ගැනීමෙන් පසු සම්බාහන කටයුත්තක් සඳහා බම්බලපිටිය රජයේ මහල් නිවසකට ඉකුත් 8 වෙනි දින පැමිණි තිබූ වෛද්‍යවරයා එම කටයුත්ත සඳහා සූදානම් වීමේදී යාබද කාමරයක සැඟව සිටි සැකකරුවන් තිදෙනකු උල් පිහියක් රැගෙන එම ස්ථානයට කඩා පැන ජංගම දුරකථනයෙන් වෛද්‍යවරයාගේ නිරුවත වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හරින බවට තර්ජනය කර බිය ගන්වා මුදල් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.

ඊට බිය වූ වෛද්‍යවරයා ඔන්ලයින් මාර්ගයෙන් කොල්ලකරුවන් ලබා දුන් ගිණුමකට රුපියල් ලක්ෂ 10 ක මුදලක් බැර කර ඇති අතර වෛද්‍යවරයා සන්තකයේ තිබූ රුපියල් 15000/= ක මුදලක්ද කොල්ලකරුවන් බලහත්කාරයෙන් ලබාගෙන තිබූ බවද පොලිසිය කියයි. එම මුදල බැර කර ඇති කොල්ලකරුවන් ලබා දුන් ගිණුම ගල්කිස්ස ලිපිනයේ පදිංචි ජන අරගල සංවිධානයේ මැතිවරණ අපේක්ෂිකාවගේ  බැංකු ගිණුම බව සාක්ෂි මගින් අනාවරණය වන්නේ යැයි බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.  පැයකට ආසන්න කාලයක් එහි රඳවාගෙන සිටි වෛද්‍යවරයාව කොල්ලකරුවන් මුදා හැර ඇති අතර එදිනම රාත්‍රියේ නීතිඥවරයකු සමග පොලිසිය වෙත පැමිණි ඔහු අපරාධය පිළබඳ පැමිණිලි කර තිබිණි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

පැමිණිල්ල  ලද වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම නිවස කරා ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමේදී නිවසේ ඉදිරිපස දොරේ යතුර දක්නට ලැබූ තිබූ අතර නිවසේ කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සිදු කළ සොයාබැලීමේදී එම නිවස අන්තර්ජාලයේ පළ කර තිබූ දැන්වීමක් අනුව රුපියල් 3500/= ක මුදලකට දිනකට ලබාගෙන තිබූ බවට අනාවරණය විය. පසුව සැකකරුවන් සොයා ගොස් අත් අඩංගුවට ගත් විමර්ශන අංශ ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.  බම්බලපිටියේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ සම්පත් පද්මලාල්ඇ තුළු නිලධාරීන් විමර්ශන සිදුකරයි. ( ලංකාදීප)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බදියුදීන් – කාදර් මස්තාන් මරා ගනිති…. තිදෙනෙක් රෝහලේ! ( වීඩියෝ සහිතයි)

Next Post

වනිඳුට එක්දින තරගාවලිය අහිමි වෙයි… නවසීලන්ත සුපිරි වේග පන්දු යවන්නාත් යළි සිය මවු රටට පිතටව යයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.