කීර්ති ප්රනාන්දු –
සැකකටයුතු ලෙස මියගිය තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දොම්පේ මල්වාන මායිවල ප්රදේශයේ කුඹුරක තිබී හමුව ඇති බව දොම්පේ පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 සහ 18 වයස්වල තරුණයින් දෙදෙනෙක් බවත්, කොත්මලේ රම්බොඩ ප්රදේශයේ පදිංචි මෙම තරුණයින් කළුකැටිය මල්වාන ප්රදේශයේ තාවකාලික නවාතැනක නැවතී ඉදිකිරීම් ක්ෂේත්රයට සම්බන්ධ කුලී වැඩ කරමින් සිටි බවත් අනාවරණය වී ඇත.
කඩයට ගොස් එන බව කියා පිටත් වූ මේ දෙදෙනා අතුරුදහන්ව සිටි ඇති අරත ඊයේ සවස මළ සිරුරු දෙක හමුවූ බව කියන පොලිසිය මේ වනවිට එම මළ සිරුරු ගම්පහ රෝහලේ තැන්පත් කර ඇතැයි පවසයි.
පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය. දොම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.