ශ්‍රියානි විජේසිංහ –
පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරය පොළොන්නරුව වැනි වියලි කලාපයේ ප්‍රදේශයන් කරා වන්දනාවේ යන වැඩිහිටියන් කුඩාදරුවන්, ගර්භනී මව්වරුන් සහ බෝනොවන රෝගයන්ගෙන් පෙලෙන පුද්ගලයින් වඩාත් පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ කල්පනාකාරී වන්නැයි කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක සඳහන් කරයි.

බැතිමතුන් වැඩි වශයෙන් ගමන් කරන පූජා භූමි ගල් තලාවන්ගෙන් යුක්ත වන බැවින් දහවල්කාලයේදී ගල් රත්වී තාප විකිරණයක් සිදුවෙන බැවින් එම ස්ථානවල දැඩි උණුසුම්කාරී ප්‍රදේශ නිර්මාණය විය හැකි අතර දහවල් කාලයේදී ගල්තලාවන් වෙත නැගීම බැසීම සිදු නොකරන්නැයි විශේෂඥවරයා බැතිමතුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
අධික උණුසුමක් පැවතුණද විශේෂයෙන්ම වයස්ගතව වීමත් සමග පිපාසය ඇතිවීමේ සංවේදීතාව අඩුවන බැවින් වැඩිහිටියන් අඩුවෙන් ජලය පානය කිරීමට ඉඩ ඇති බව පවසන වෛද්‍ය ගුණතිලක එවැනි වියපත් අයට වෙනත් පුද්ගලයකු ජලය පානය කිරීමට පොලඹවන ලෙසද පවසයි.
කායික රෝග විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් පවසන්නේ විශේෂයෙන්ම පිපාසය සංසිදවා ගැනීමට සිසිල්කළ පැණි බීම භාවිත නොකළ යුතු බවයි.
“පැණිබිම ගැනීමෙන් එහි පවතින අධික පැණිරසට වැඩිශයෙන් මුත්‍රා පිටවීම හේතුවෙන් සිරුර විජලනයට පත්විය හැකියි.ඒ නිසා පිපාසය නිවා ගැනීමට පිරිසිදු වතුර, තැඹිලි, දෙහි හො දොඩම්යුෂ මෙන්ම කොමඩු වැනි පලතුරුද සුදුසුයි“
ඒ වගේම පොසොන් කාලය තුළ දන්සැල්වලට යාමට දිගු පෝලිම් පවතින බැවින් බොහෝ වේලාවක් තද අව්වේ රැදී සිටීමෙන් අනතුරුදායක තත්ත්වයන් ඇතිවිය හැකියි. ඔවුන්ට සෙවණ සැලසීම සහ ානීය ජලය අවශ්‍ය අවසථාවලදී සැපයීම පිළිබදව දන්සැල් සංවිධායකයින් සහ ඊට සහභාගි වන්නන් කල්පනාකාරි විය යුතුයි“ වෛද්‍ය ගුණතිලක මහතා ජනතාවට දැනුම් දී සිටියි.