ලලිත් චාමින්ද –
සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල සිදුවි ඇති මුල්‍ය වංචා හා අක්‍රමිකතා විගණන වාර්තා මගින් පෙන්වා දි තිබුනද මෙකි වංචා හා අක්‍රමිකතා වලක්වා ගැනිම සදහා ඉහළ කළමණාකරණයේ අවධානය යොමුවි නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල 2014 -2018 කාලය තුල සිදුවු වංචා 135ක අදාලව රුපියල් එකොළොස්කෝටි, පනස්හත්ලක්ෂ, විසි තුන් දහස්, හයසිය දහනමයක (115,723,619) සම්බන්ධයෙන් 2018 හා 2019 යන වර්ෂවල විගණන වාර්තා මගින් පෙන්වා දි තිබුණි.
වාර්ෂිකව වාර්තා වි ඇති මුල්‍ය වංචා හා අක්‍රමිකතාවල ප්‍රමාණාත්මක වර්ධනයක් සිදුවි තිබියදිත් මේ සම්බන්ධව ඉහල කළමණාකරණය විසින් අවධානය යොමුකොට එවා වලක්වා ගැනීම සදහා නිසි ක්‍රියාමාර්ග ගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
මේ සදහා අනුයුක්තකොට ඇති කාර්ය මණ්ඩලය විසින් සිදුකර ඇති මුල්‍ය වංචා හා අක්‍රමිකතා වාර්තාවිම ප්‍රමාණාත්මක අගයක් ගෙන තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ වනවිට සියලු සමෘද්ධි බැංකු හා බැංකු සමිති පරිඝනක ක්‍රියාවලියට යටත් කිරිම සිදුකරමින් පවතින බවත් එම නිසා අතින් සිදුකිරිමේ දි සිතාමතා සිදුකරණ වැරදි හා මුල්‍ය වංචා අවම කරගැනිමට හැකි බවත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත.