වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ වාචික උපදෙස්මත කතරගම දේවාලයේ අවශ්‍යතා සඳහා මාර්ග සංර්වධන අධිකාරිය වෙත වැලි ලෝඩ් 100ක් යාල ගල්ගේ කලාපයට අයත් යාල 3 රක්ෂිතයේ ආරක් කැණීම් කර කිරිවෙහෙරට සහ කතරගම අභිනවාරාමට අයත් ට්‍රැක්ටර් 04ක් මගින් මේ වනවිට අදිමින් සිටින බව වාර්තා වේ.
මේ කාල වකවානුවේ දී වාර්ෂිකව කතරගම දේවාලයට අවශ්‍ය වැලි ලබා ගැනීම සඳහා මෙම ස්ථානයේ කැණීම් සිදුකරන බවත්, මෙම භූමිය සම්බන්ධව විහාර දේවාලගම් පනත යටතේ කරගම පූජා භූමියට අයිතියක් ඇති බව ප්‍රකාශිත බවත් පැවසෙන නමුත් ඒ මාර්ගයෙන් මේ වනවිට වැලි ජාවාරමක් සිදුවෙමින් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කළේය.
කිරිවෙහෙරට සහ අභිනවාරාමයට අයත් ට්‍රැක්ටර මගින් කතරගම පුදබිම වෙනුවෙන් රක්ෂිතයෙන් අදිනු ලබන වැලි තොග හොර පාරේ ජාවාරමුන් වෙත යෑම සම්බන්ධව මේ වනවිට ජනතා විරෝධයක් ඇති වී තිබේ.
මේ සම්බන්ධව මාධ්‍ය මගින් පලවන ප්‍රකාශ පිළිබඳව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාරගෙන් ලංකාසර කළ විමසීමේදී ඔහු කිසිම ප්‍රකාශයක් සිදු නොකළ අතර කාර්යාලයෙන් විමසා දැනගන්නා ලෙස කීවේය.
ඒ අනුව ලංකාසර වනජීවි අධ්‍යක්ෂ ජනරාල් කාර්යලයෙන් කළ විමසීමක දී එහි ප්‍රකාශිකාවක් කියා සිටියේ වාචික උපදෙස් පිළිපැදීමට කිසිම ආයතනයකට කිසිදු නෛති හැකියාවක් නොමැති බවය.