රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ස්ව්යං නිරෝධායනයට ලක්වීමට තීරණයට කර ඇති බවට ඔහුගේ ප්‍රකාශක ඩිමිත්රි පෙස්කොෆ් සඳහන් කරයි.
පුටින් සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසයට වැලදී ඇති බවට අනාවාරණය වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව ඔහුගේ ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
ස්ව්යං නිරෝධානයන වුවද ජනපති පුටින් ඉතාම නිරෝගී තත්ත්වයෙන් පසුවෙන බවත් ඔහුගේ සෞඛය තත්ත්වයට කිසිඳු බලපෑමක් එල්ලවී නොමැති බවද පෙස්කොෆ් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත.
පුටින් විසින් සඳුදා දිනයේ සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති අතර එහිදී සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සමඟ මුහුණට හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර පසුව රුසියානු පැරාඔලිම්පික් කණ්ඩායමද හමුවී තිබීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත් සිරියානු ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාව මගින් කිසිම සෞඛ්‍ය ගැටලුවක් ඇති නොකරන බවත් ඔහුගේ සාකච්ඡාව එදින පැවති පළමු හමුව බැවින් එහිදී කිසිවෙකුට වෛරසය ආසාදනය වන්නට ඉඩ නිර්මාණය වී නොමැති බවද පෙස්කොෆ් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
රුසියානු ජනාධිපතිවරයා මේවන විටත් එරට නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවද රුසියානු රජය සඳහන් කරයි.
නිරෝධායනය වීමට තීරණය කිරීමත් සමඟ පුටින් මෙම සතියේදී ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ටජකිස්ථානයේ සිදුකිරීමට නියමිතව තිබූ සංචාරය අවලංගු කිරීමට තීරණය කර ඇති බවද රුසියානු රජය නිවේදනය කර තිබේ.
ඒ අනුව පුටින් විසින් ටජකිස්ථාන බලධාරීන් සමඟ වීඩියෝ ඇමතුම් මගින් සාකච්ඡා කිරීමට නියමිත බවද රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.
රුසියානු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට රුසියාව දැඩි ක්‍රමවේද අනුගමනය කරනු ලබන අතර ඔහුව හමුවීමට පැමිණෙන ඕනෑම අයෙකුට ඊට පෙර පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දීමටත් විශේෂ විෂබීජ නාශක කුඨීරයක් තුලින් ගමන් කිරීමටද සිදුවේ.
එවැනි දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළද පුටින් ප්‍රසිද්ධියේ පෙනී සිටින බොහෝ අවස්ථා වලදී මුඛ ආවරණ නොපැලද සිටින අයුරුද දැකගැනීමට හැකියාව ලැබේ.