සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පන්දු ඕවර 19ක දී ශ්‍රී ලංකා කණ්ඩායම දැවී යයි… ලකුණු 160යි…

by editor
පෙබරවාරි 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

 විස්සයි 20 ලෝක ශ්‍රේණිගත කිරීම්වල අප ඉන්නේ 8වැනි තැනය.  ඇෆ්ගනිස්ථාය 10 වැනි ස්ථානයේය. එහෙත් දඹුල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ අද පැවැත්වෙන මංගල විස්සයි 20 තරගයේ දී ඇෆ්ගනිස්ථානය සිය මුල් කාර්තුව ඉවර කරන්නේ මල් විසුරුවමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 20 ක්‍රීඩා කළේ නැත.  ලකුණු 160කට සියල්ලෝ දැවී ගියහ. පැහැදිලිවම තව ලකුණු 20ක් 30ක් එක් වන ලකුණු තිබිණි. දසුන් ශානක තමන් විඩාපත් බව යළිත් කීවේය. ඈන්ජලෝ මැතිව්ස් සහ දසුන් කඩුලේ රැඳී සිටින අවස්ථාවේ දී ඔවුන්ට මේ තරගය වෙනස් රිද්මයකට පත් කළ හැකි බව අපට සිතුනත් එසේ වූයේ නැත.

ෆසාල් හක් ෆාරුකී කඩුළු 03යි…

ඇෆ්ගන් පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමත් මනරම්ය.  අද ඔවුන්ගේ ක්‍රීඩා විලාශය අතිශයින්ම තියුණු බව ලියා තැබිය යුතුය.

තරගයේ කාසියේ වාසිය දිනුවේ ඇෆ්ගනිස්ථාන කණඩායමය. ඔවුන් පන්දු රැකීම තේරුවේය. එය යහපත් තීන්දුවක් බව ප්‍රකාශ වන්නේ පැතුම් නිශ්ශංක පළමු ඕවරයේ දවා ගැනීමට  ෆසාල්හක් ෆාරුකී සමත්වීමෙනි. ෆාරුකී ගේ පන්දුවක් ඉදිරියේ කඩුළු රකින ක්‍රඩක රහ්මනුල්ලා ගුර්බාස්  ලබා ගන්නා විචිත්‍ර උඩපන්දුවෙන් පැතුම් දැවී යන්නේ ලකුණු 06කට ය. ඔහු මුහුණ දුන්නේ පන්දු 04කට පමණි.

කුසල් මෙන්ඩිස් යළිත් කොහේටවත් නැති පාරක් ගසා දැවී යන්නේය. ඒ දැවී යන්නේ ලකුණු 10කටය.  3වන පන්දු ඕවරයේ 5 වැනි පන්දුවේ දී අස්මතුල්ලා ඕමාර්සායිගේ ඉපිලුන පන්දුව වදින්නේ මෙන්ඩිස්ගේ හිසෙහිය. ඒ කම්පනය ඔහුට තිබුණා දැයි කල්පනා වෙන්නේ ඔහු දැවීයාමට එල්ල කළ පහරත් සමගය. ඊලඟ පන්දු ඕවරයේ ෆසාල් හක් ෆාරුකී යැවූ මුල්ම පන්දුවටම කඩුල්ල විවෘත කර ස්කූප් පහරක් එල්ල කරන්නට යන්නේය.  ෂෝරට් තරඩ්මෑන් කලාපයේ පන්දු  රැකි අස්මතුල්ලා ඕමාර්සායි පහසු උඩපන්දුවක් රැකගන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ වනවිට පන්දුවට  පහර එල්ලකරමින් ඉන්නා ධනංජය ද සිල්වා ආක්‍රමණශීලි පිතිකරණයක් දියත් කරමින් සිටියේය. සධීර සමරවික්‍රම අනෙක් අන්තයේ ය.  වර්ණවත් පිතිකරණය නියැලෙමින් සිටි ධනංජය නවීන් උල් හක් එවූ පන්දුවකට ඉහළින්ම එල්ල කළ පහර හතරේ සීමාව අසල සිට සුරක්ෂිතව රැක ගන්නේය. ඒ පිටියේ පන්දු රකින්නන් යෙදවීම මෙන්ම ඒ අනුව පන්දු යැවීමේ ගණිතය ඇෆ්ගන් ක්‍රීඩකයෝ පෙන්වූහ. පන්දුව කෙලින්ම ඇදී යන්නේ  හතරේ සීමාව අසල පන්දු රැකි නූර් අහමඩ්  වෙතය.

ධනංජය පන්දු 17ක් තුළ හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමග ලකුණු 24ක් ලබා සිටියේය.

වනිදුගේ මනරම් ඉනිම…

අනතුරුව පිටියට පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායමේ නොම්බර 05 පිතිකරු චරිත් අසලංක පිටියට පැමිණි මොහොතේ සිටම කිසිම සංයමයක් හෝ ස්ථාවරයක් පෙන්නුවේ නැත. පිටියට පැමිණි අවස්ථාවේ සිට  ඔහුගේ පිතිකරණ විලාශය   අද ඔහු ඉනිමක් ක්‍රිඩා නොකරන බව පෙන්වූයේය. චරිත් අසලංක කඩුළු රකින ක්‍රීඩක රහ්මනුල්ලා ගුර්බාස්ගේ තවත් ප්‍රසංශනීය උඩපන්දු රැකීමක් ඉදිරියේ දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිම අද රැඳී තිබුනේ නායක වනිඳු හසරංගගේ මනරම් පිතිකරණය මතය. වනිඳ ලකුනු 67ක් ලැබුවේය. ඒ පන්දු 32ක් තුළය. ඊට හතරේ පහර 7කි. හයේ පහර තුනකි.  නවීන් උල් හක් ගේ පන්දුවක් හමුවේ ඔහු ලකුණු 67කට දැවී යනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 146කි. ඔහු දැවි යන්නේ 6 වැනි කඩුල්ල ලෙසය. 16 වැනි පන්දු ඕවරයේ අවසන් පන්දුවේය.

එහෙත් ඔහුට පසු පිටියේ වගකීම දැරිය යුතුව තිබූ අත්දැකීම් සපිරි ඈන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක තරගය සිල්ලර කළේය. දසුන් තවමත් සිය විශ්වාසය ගොඩනගාගෙන නැති බව පෙන්නුවේය. ඔහු ලකුණු 06කට දැවී යන්නේය. මැතිව්ස් ලබා ගන්නේත් ලකුණු 06කි.  වනිඳු පිටියෙන් ඉවත්වීමෙන් පසු එළඹි පන්දු ඕවර 3 තුළ ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 13ක් තුළ සිය කඩුළු 05ක් පූජා කරන්නේය.

අප ලඟා විය යුතුව තිබූ ඉලක්කය වෙත රැගෙන නොයෑමේ වගකීම ක්‍රිකට්වලට නාකි වූ මැතිව්ස් සහ  දසුන් අත පැවරෙන බව නම් කිව යුතුය.

පන්දු යැවීමේ දී ෆසාල් හක් ෆාරුකී විශිෂ්ට කොටසක් ඉටු කළේය. ඔවු පන්දු ඕවර 4 තුළ ලකුණු 25කට කඩුළු 03කි. නවීන් උල් හක් ලකුණු 25කට කඩුළු 02කි. අස්මතුල්ලා ඕමාර්සායි ලකුණු 30කට කඩුළු 2කි. නූර් අහමඩ් සහ කරිම් ජනට් කඩුල්ල බැගිනි.

පන්දු රැකිම විශිෂ්ටය. කදිම රිද්මයකට පැමිණෙමින් සිටි සධීර සමරවික්‍රම දවා ගැනීමට 14වැනි පන්දු ඕවරයේ ප්‍රථම පන්දුවේ දී  ඊබ්‍රහීම් සද්‍රාන් පන්දුව රැකගෙන කෙලින්ම කඩුල්ලට එල්ල කර ඔහ දවාගත් ආකාරය මනරම්ය.  එය තරගය වෙනස් කළ පන්දු රැකීමකි.

දැන් ඇෆ්ගනිස්ථාන ඉනිම ආරම්භ වී තිබේ. ඔවුන් තරගයට ප්‍රවේශ වී ඇති රිද්මය අනුව යම් විශේෂ වෙනසක් නොවුනහොත් මේ තරගය ඔවුන්ගේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මම අස්වෙන්නෙ නෑ… මාධ්‍ය කී විදිහට    ඊයේ කාර්යාල අඩස්සියෙ හිටියෙත් නෑ… බෙල්ලන කියයි…

Next Post

නරඹන්නන්ගේ හුස්ම හිර කළ තරග අත් නොහරින නායකයින් ගේ තරගය..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.