සේවකයින් කුඩා කණ්ඩායමක් උද්ඝෝෂණය කළ පමණින් තමා සේවයෙන් ඉවත් වීමට සූදානම් නැති බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන අද මාධ්‍යයට පැවසුවේය.
ඔහු කීවේ තමන් කිසිම විටෙක කාර්යාල අඩස්සියේ නොසිටි බවත් රාජකාරිය නිමා කර ඊයේ සුපුරුදු ලෙස සුපුරුදු වෙලාවට නිවසට ගිය බවත්ය. වෙනසකට ඇත්තේ තමන්ට යම් පොලිස් ආරක්ෂාවක් ලැබුණ බවය. නමුත් පොලිසිය වර්ජකයින්ට පෙන්වූ හිස වසාගත් ඩමිය නම් තමන් නොවන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේය.
“ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අතින් කියවුනොත් ඔයා යන්න කමක් නෑ කියලා එදාට මම රෝහලේන යනවා.ඒ හැරුණු විට රෝහ් කාර්ය මණ්ඩලයේ 11000ක කණ්ඩායමෙන් 10 800කටම මාව එපා වෙලා නැති නිසා මම ඉවත් වෙන්නෙ නෑ. “
“ අනික මාධ්‍ය මහා පුදුමාකාර නිවුස් දානවා. මම කාර්යාල අඩස්සියෙලු. මම කාර්යාල අඩස්සියෙ තමයි හැමදා ඉන්නේ. උදේ ආව වෙලාවෙ ඉඳන් වැඩ එක්ක හිරවෙලා මම ඉන්නෙ කාර්යාලය තුළ. හවස පහට හෝ පහෙන් පස්සෙ මම කොහොමත් ඕෆ් වෙලා ගෙදර යනවා. ඊයේත් එහෙමයි. මම ගෙදර ගියා. වෙනස තියෙන්නේ පොලිසිය මට ආරක්ෂාවක් සැපයුවා.”
“හැබැයි ඒ ගිය ඩමිය නම් නෙමෙයි මම. ඩමිය වගේ ඉන්න වෙනත් කෙනෙක්ව ඉතින් කුදලගෙන යනවා වගේ පෙන්නුවේ. පොලිසිය විහිළු ටිකක් සපයලා මේ අයව රැවැට්ටුවා. මමනම් ගියෙ මගේ රාජකාරිය අවසන්කරලා. “
කෙසේ වෙතත් වර්ජනයට සූදානම් සුලු සේවකයින් පැවසුවේ නැවත කොයි වෙලාවක හො ඔහු ජාතික රෝහලට පැමිණිය හොත් මේ ප්රශ්නය යළි ඇති වෙන බවය.







