නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ චක්රලේඛයකින් වහාම ක්‍රියාත්මක වන පිරිදි නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර අහෝසි කර තිබේ.
එම තනතුර පිහිටවූ 2019 හි අංක 28 චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බවත් නීතිපතිවරයාට සම්බන්ධීකරණ නිලධාරියෙක් නොමැති බවත් එම චක්‍රලේඛයේ සඳහන්ය.
ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් (පරිපාලන ) චේතිය ගුණසේකරගේ අත්සනින්න නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ සමබන්ධීකරණ නිලධාරිනිය ලෙස අධිනීතිඥ නිශාරා ජයරත්න පසුගිය වකවානුව තුළ කටයුතු කළාය.