දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ සංකේත වැඩ වර්ජනය අවසන් කළ බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න ප්‍රකාශ කළේය.
පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ අවසන් කළ බව ඔහු කීවේය.
ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කළ බව සභාපතිවරයා පැවසුවේය.