අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලකයන්ට ගැතිකම් කරමින් බොරු කරන්න එපා… යුනිෆෝම් ගලවලා ගෙදර යන්න – කාදිනල් හිමි

by Lanka Sara Editor
ජනවාරි 13, 2022 - Updated on ජනවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පොලිසිය සිටින්නේ  අවංකව සත්‍ය වෙනුවෙන් වැඩ රකන්නට මිස  දේශපාලනකයන්ට ගැතිකම් කිරීමට නොවන බවත්,  ඇස් පනාපිට බොරු නොකර කරුණාකර යුනිෆෝම් ගලවා ඉවත්ව යන ලෙසත් කාදිනල් හිමියෝ  සියලු ශාන්තුවරයන්ගේ දෙවස්ථානයේ  බෝම්බ සිද්ධියට අදාලව පරීක්ෂණ කරන පොලිස් කණ්ඩායම් වලට අද   පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ , අද (13) කොළඹ අගරදගුරු නිවසේ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ මේ සිද්ධිය අතිශයින් ජුගුප්සාජනක ලෙස වසන් කිරීමට පොලිසිය කටයුතු කරන බවය.

මාධ්‍ය අමතා  අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙසේද පැවසූහ.

“ එම සිද්ධියෙන් පස්සේ අපේ පල්ලියේ අවුරුදු ගානක් වැඩකරපු සහ සන්ක්‍රිස්තියන් තනතුර දරපු මහත්මයාව සහ ඔහුට සහාය වෙච්චි සේවකයෙක් ඇතුළු 04ක් පොලිසියට කැඳවාගෙන ගියා. “

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ඊට පසසේ නිකුත් කළ ප්‍රකාශයේ  සඳහන් වුනා ඒකට කටයුතු කළේ සන්ක්‍රිස්තියන් ධුරය දරපු  පානි  කියන කෙනා කියලා. මම දෙවස්ථානය භාර පියතුමාට කිව්වා කරුණාකරලා උදේ වරුවේ සිට සීසීටීවී නරඹන්න කියලා. මොකද පොලිසිය කිව්වෙ අපට  හැන්දෑවෙ තුනෙන් පස්සේ දර්ශන නැරඹුවාම ඇති කියලා.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

පියතුමන්ලා ඇහුවාම අපි උදේ වරුවේ ඒව පෙන්වන්නද කියලා ඒ ගොල්ල ඒ ගැන ඒ තරම් කැමැත්තක් පෙන්නලා නෑ.

බෝම්බය ගෙනාවෙ 9.52ට ..

“ඒ අනුව අපට පේනවා උදේ 9.52ට දේවස්ථානයට ඇතුළුවෙනවා සිලිසිලි බෑග් එකක් අරගෙන  කළුපාටට හුරු කලිසමකුයි, බුෂ් ෂර්ට් එකක් වගේ ඇඳුමක් ඇඳගත්ත පුද්ගලයෙක්.  නිකම් නොන්ඩි ගසමින් වගේ ඇවිල්ලා පල්ලිය ඇතුළට  එනවා. අන්තිම බංකුවට වඩා බංකු කීපයක් මෙහායින් ඇතුළු වෙනවා. පල්ලියට ඇතුළු වුනාම  හැසිරීමෙන් එයා කතෝලිකයෙක් නොවෙයි වග තේරුණා. “

“දොරකඩ ලඟ ඉඳලා මුල්ලේ ප්‍රතිමාවක් තියනවා. එතෙන්ට යනවා. ඒ පුද්ගලයා එතන ඉඳගෙන මොනවද කරනවා. නැවෙනවා.  ඒ වගේම අපට පේනවා ඒ පුද්ගලයා කලිසමින් මොනවා හරි දෙයක් ඇදලා ගනන්වා . නැවිලා මොනවදෝ කරනවා පේනවා.“

“පල්ලියෙ තවත් සැරසිලි වගයක් කරමින් හිටපු කෙනෙක් එතැනින් යන්න ගියාම  මේ පුද්ගලයා කඩිමුඩියේ වටපිට බලබල පැනලා දුවනවා පල්ලියෙන්. එතකොට කොරය නෑ… අපට හිතනවා මේ පුද්ගලයා සාක්කුවක හෝ යම් කිසි දෙයක් අරගෙන ආපු නිසා තමයි කොරගහිමින් එන්න ඇත්තෙ කියලා. “

“අපි කියන මේ දර්ශන පොලිසිය බලන්නෙ නෑ.  අපට තියන ප්‍රශ්නය ඇයි පොලිසිය හැන්දෑවෙ තුනේ ඉඳලා පමණක් ඒ දර්ශයන ලබමුයි කියලා කිව්වේ. උදේ ඉඳලා බලන්න නැත්තෙ ඇයි.  හැන්දෑවේ හතරෙ ඉඳලා තමයි එතන හතරදෙනාගෙ දර්ශන අපි දැක්කෙ.“

“එයින් පානි කියන කෙනා තමයි අත්අඩංගුවට අරන් තියෙන්නෙ. එයාට තමයි පල්ලිය සුද්ද පවිත්‍ර කරන්න පැවරිලා තියෙන්නෙ. එයා කොස්සක් අරගෙන පල්ලිය සුද්ද පවිත්‍ර කරමින් යනවා.  ඒ මනුස්සයා ඒ  මුල්ලට ආවට පස්සේ බිමට නැමිලා මොකක් හරි දෙයක් අරන් උඩින් තියනවා. උදේ වරුවේ අර මනුස්සයා තියපු දේ තමියි මේ උඩින් තියන්නෙ කියලා අප විශ්වාස කරනවා . පානි ඒක තියලා ගැස්සිලා වගේ බලාගෙන ඉන්නවා. බයෙන් වගේ. එතනින් දුවලා එනවා මෙහා පැත්තට. උදව් කරන කෙනාට දන්වනවා කියලා පේනවා. ඒ දෙන්නම ඇවිත් බලනවා පේනවා. පස්සේ ඇවිත් පියතුමාට දැනුම් දෙනවා.“

“පානි කියන කෙනා මේක තිබ්බා නම් මේක අල්ලයි ද?.  ඒක අරන් උඩින් තියයි ද?. “

පොලිසිය කියන්නෙ බොරු

“කාරණා කීපයක් තියනවා . පොලිසිය ගෙනියන කතාව සත්‍යයෙන් තොරයි කියලා අපට පෙනනවා. කවුද මේක ගෙනත් තිබ්බෙ. ඒක හොයන්නෙ නැතිව කොස්සෙන් අතුගාන මිනිහව අල්ලලා ඇතුළට දාන එකයි පොලිසිය කරන්නේ. සත්‍ය හෙළිදරවු කරගැනීමේ උත්සාහයක් එතන නෑ.“

“ඇත්ත හොයනවට වඩා කතන්දරයක් ගොතන්න කරන වැඩක් බව අපට පේනවා. අපි පොලිසියේ මේ ක්‍රියාදාමය අපි ප්‍රතික්ෂේප කරනවා. අහිංසක මිනිස්සුන්ව බිල්ලට දීලා මේක පිටිපස්සේ තියන කුමන්ත්‍රණ වහනන් හදනවා. අපේ ඉතිහාසය පුරාම පොලිසිය කරලා තියන දේවල් දිහා බලනකොට මේකත් ඒ වගේ දෙයක්ද කියලා හිතනවා.“

“පොලිස්පති තුමා මාධ්‍ය ප්‍රකාශක   ලොකු ස්ටේට්මන්ට් දෙනවනෙ එක එක චෝදනා  කරකර. නිලධාරීන් අවංක වෙන්නට ඕන පළමුව . දේශපාලන ලෝකයේ නායකයන්ට ගැතිකම් කරන් නෙමෙයි පොලිසිය තියෙන්නේ. මේක කුමන්ත්‍රණයක් හැටියටයි මා දකින්නෙ. කතෝලික පල්ලිවල බයක් ඇතිකරවන්න දරන උත්සායහක් ලෙසයි මම දකින්නේ.“

“ ඒ නිසා කරුණාකරලා  බොරු කරන්න එපා. ඔය යුනිෆෝම්එක ගලවලා දාලා ගෙදර යන්න. මොකද යුනිෆෝම් එකෙන් වැඩක් නෑ පොලිසියෙ  සත්‍ය වෙනුවෙන් වැඩ කරන්න බැරිනම්. “

පසුගිය 11 දා මෙම අත්බෝමබ් සිද්ධියට අදාලව එදිනම දේවස්ථාන සේවකයෙකු ඇතුළු 04 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ ප්‍රකාශ කළේ මෙම සිද්ධියට  13 හැවිරිදි දරුවෙක් ද සම්බන්ධ බවය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධව අද කොළඹ  අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.   අද අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු  ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිනි. තුන්දෙනෙක් රඳවාගෙන ප්‍රශ්න කරන බව එම කොට්ඨාසය කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනෙන් SWAP ගත්තට ඩොලර් අර්බුදයෙන් ගොඩඑන්න බෑ – මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

Next Post

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය අවසන්!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.