බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනෙන් SWAP ගත්තට ඩොලර් අර්බුදයෙන් ගොඩඑන්න බෑ – මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

by Lanka Sara Editor
ජනවාරි 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආසියාවේ රටවල විදේශ සංචිත අවම වශයෙන් 24%ක් හෝ 44%කින් ඉහළ යද්දී ශ්‍රී ලංකාවේ 80%කින් පහළ ගොස් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඩොලර් අර්බුදයෙන් ගැලවීමට ආණ්ඩුව දැන් ස්වොප් (SWAP) ගැන කියමින් සිටින නමුත් එමගින් ප්‍රශ්න නොවිස‍ෙඳන බවය.

විපක්ශ නායක කාර්‍යාලයේ අද පැවැති ‘රටේ ආර්ථිකයට මොකද වෙන්නේ?’ මාධ්‍ය හමුවේදී එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් මේ බව කීය.

“හැමතිස්සෙම මේ රජය හැංගෙන්න හදනවා මේ සංචිත ගැන කතා කරද්දි මොකද මේ කොරෝනා එක නිසා කියලා. ඔච්චර ලොකු අමූලික බොරුවක් නෑ මේ ප්‍රශ්නේ ප්‍රශ්න ඇති කර ගත්තේ ඊට ඉස්සරවෙලා. හේතු දෙකක් තිබුණා එකක් වැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීම. දෙවැනි එක ඇවිල්ලා වැරදි කළමනාකාරිත්වය. ඒකට ජනාධිපතිතුමා ඉදලම වගකියන්න ඕන.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

අපි විදේශ සංචිත බැලුවොත් යුරෝපය ඇමරිකාව නෙමෙයි ආසියාවේ රටවල් එක්ක. මේ කාලය තුළදී ම ඉන්දියාවේ සංචිතය ඩොලර් බිලියන 463යි 2019. ඒක 2021 අවසානය වෙද්දි ඩොලර් බිලියන 635 යි. 37%කින් ඉහළ ගිහින් තියෙනවා. බංග්ලාදේශයේ සංචිතය ගත්තොත් 2019 ඩොලර් බිලියන 33ක්. එය බිලියන 45 ක ට ඉහළ ගිහින් තියෙනවා. පාකිස්ථානයේ ඩොලර් බිලියන 17 සිට බිලියන 25 ට ඉහළ ගිහින් තියෙනවා . 48%කින් විතර ඉහළ ගිහින් තියනවා. නේපාලය ගත්තොත් බිලියන මිලියබිලියන 8.7 කින් බිලියන 11 ක ට ඉහළ ගිහින් තියෙනවා. හැම රටේම සංචිතය 24% 44%කින් ඉහළ ගිහින් තියෙනවා ආසියාවේ රටවල් වල. ලංකාවේ 80% කින් පහල ගිහින් තියෙනවා.

ණය ගෙවන්න ඕන එක අපි පිළිගන්නවා. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. ඩොලර් සංචිතය වැඩි කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක තමයි මූලික ප්‍රශ්නය ඉස්සරවෙලාම ආදායම හදාගන්න ඕන ණය ගෙවන්න. ආදායම හදාගත්තෙ නැත්නම් ලොකු ගැටලුවක් වෙනවා. දැන් SWAP කතාවක් කියාගෙන යනවා. මේක සරලව මම කිව්වොත් අපි සාමාන්‍යයෙන් රුපියල් දීලා ඩොලර් ලබාගන්නවා. ඒක තමයි ස්වොප් එකක් කියලා කියන්නේ. ඊට පස්සේ ඒ ස්වොප් එක මාස තුනකින් පස්සේ ඒ ඩොලර් අපි දෙන්න ඕන අය. ඉතින් මේක තාවකාලික දෙයක්. මේකෙන් රටේ සංචිතය ගොඩනැගෙන්නේ නෑ. මේක සංචිතයට එකතු කරන එකත් ප්‍රශ්නයක්. මොකද දන්නවනේ මාස තුනකින් ගෙවන්න තියෙනවා කියලා. ඔය ඉතින් ඔය ස්වොප් එක කරනකොට මාස තුන මාස හය කරන්න කියලා කියනවා . දැන් මේක කරන රටවල් ඉතින් කරන්නේ අපිට ආදරේට නෙවෙයි නේ. ඔවුන්ගේ වාසියට ඒ මේක කරන්නේ. සාමාන්‍යයෙන් මේකෙදි රුපියල් දීලා ඩොලර් ගන්නවා. ඒ ඩොලර් ණය ගෙවන්න බිල් ගෙවන්න පාවිච්චි කරන්න පුළුවන්.

චීනෙ එක්ක ස්වොප් එකක් කලා කියනවා. චීන ගෙවන්නේ යුවාන්වලින්. යුවාන්වලින් ගෙවන්න පුළුවන් ඒගොල්ලන්ගෙ ණය විතරයි. මගේ ණය ගෙවන්න මගේ සල්ලි දෙනවා වගේ වැඩක් නේ ඒ කරන්නේ. අපි කියමු ඒකත් එහෙම නෙවෙයි කියලා එහෙම නෙවෙයි නං, යුවාන් අපට ලැබුණා නම් ඒකට චීනෙන් බඩු ගන්න වෙනවා. චීනෙන් බඩු අරගෙන චීනයට යුවාන්වලින් ගෙවන්න පුළුවන්. ඔය දෙකෙන් එකක්නේ වෙන්න ඕනේ. ඔය යුවාන්වල තියෙන ගැටලුව ඕක තමයි. ඔය ස්වොප් එකෙන් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ.” යැයි ද එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“තව සති දෙකක් දුවන්න තෙල් තියෙනවා”- බලශක්ති ඇමති කියයි

Next Post

දේශපාලකයන්ට ගැතිකම් කරමින් බොරු කරන්න එපා… යුනිෆෝම් ගලවලා ගෙදර යන්න – කාදිනල් හිමි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.