දිවයින පුරා පැනවූ සංචාරක සීමාව හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) පෙ.ව. 04 දක්වා බලපැවැත්වෙන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම කාලය තුළ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා පමණකි.
බස්නාහිර පළාතේ කොවිඩ් එන්නත්කරණයට අදාළ කටයුතු අඛණ්ඩව සිදුකෙරේ.