බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඌරුජුවාගේ ඌරු රැඟිල්ල ඉවර කළ පොලිසියේ ලාමක මෙහෙයුම

by editor
මැයි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කඩුවෙල පැත්තේ බලය අල්ලාගෙන සිටියේ කඩුවෙල වසන්තය. අදත් ඒ නම කඩුවෙල පැත්තේ කුප්‍රකටය. 2000 වසරේ වෙසක් පොහොය දින වසන්තගේ ප්‍රතිවාදියා වූ කරාටේ ධම්මික වසන්තව මරා දමන්නේ ගෝල බාලයින් රොත්තක් සමග එක පොකුරට වෙඩි තබාය.

එතැන් සිට කරාටේ ධම්මික දේශපාලන හයි හත්තියෙන් නැගී සිටින්නේ කඩුවෙල පමණක් නොව, මුළු රටේම බලය අල්ලන්නටය. එහෙත් ඔහුට වැඩි කාලයක් සෙල්ලම් දාන්නට ඉඩක් නොවීය. ඔහුගේ ආරක්ෂකයා ලෙස සිටි  කොලොන්නාව පැත්තේ තරුණ දේශපාලකයා වෙඩි ප්‍රහාරයකට ලක්ව අකර්මණ්‍ය වීමත් සමග කෑගල්ල පැත්තේ සැඟව සිටි කරාටේ ධම්මිකව සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන අතුරුදන් කළේය. අදටත් ඔහුට සිදුවූ දෙයක් සොයා ගන්නට නැත.

කඩුවෙල බලය ඇල්ලූ සමයං

කඩුවෙල පැත්තේ ඊළඟට බලය ඇල්ලුවේ සමයංය.   තමා කුපාඩිම් කරමින් කල්ගත කරන විට තමන් ජීවත්වන පැත්තේ දී ආරක්ෂා වීමට හෝ අවට ජනතාවට හිරිහැරයක් නොවන ලෙස ඉන්නට මේ යකා කටයුතු කළේ නැත. ඒ නිසාම සමයං බුලත්විට කාරයගෙන් පවා කප්පම් ගත්තේය. කුළියට මිනී මැරෙව්වේය. මත්කුඩු ජාවාරම ජයටම  කරගෙන ගියේය. කප්පම් නොදෙන ව්‍යාපාරිකයන්ට ප්‍රසිද්ධියේ පහර දුන්නේය. ඒ හයිය ඔහුට ලැබී තිබුණේ කඩුවෙල පැත්තේ ඒ වන විට නැගී ආ දේශපාලකයෙකුගේ ආශිර්වාදයෙනි. එම දේශපාලකයා යහපාලන ආණ්ඩුවේ ඇමතිධුරයක්ද දැරුවේය. එකල සමයං සිටියේ බන්ධනාගාරයේය. ඇමතිවරයාගේ ආශිර්වාදයෙන් ඔහු බන්ධනාගාරය තුළ නිදහසේ ජංගම දුරකතනයක්  භාවිතා කළේය. ඔහුට එරෙහි වූ බන්ධනාගාර නිලධාරීන්ට මාරුවීම් ලැබුණේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

වැඩි කලක් සමයංටද එසේ සෙල්ලම් දැන්නට ඉඩක් නොවීය. අංගොඩ ලොක්කාට වැඩක් දී අංගොඩ සහ අතුරුගිරියේ බලය අල්ලන්නට ගිය සමයංට සිදුවන්නේ 2017 වසරේ පෙබරවාරි 27 වෙනිදා කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයක් තුළම සිය ගෝලබාලයින් සිව් දෙනෙක්ද සමග මැරෙන්නටය. ඒ අංගොඩ ලොක්කාගේත් මාකදුරේ මධුෂ්ගේත් සැළසුමකට අනුව බන්ධනාගාර බස් රථයට එල්ලකල “කමාන්ඩෝ ප්‍රහාරයක“ ප්‍රතිඵලයක් ලෙසය. එහිදී බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුටද ජීවිතය අහිමි විය.

ඌරු ජුවා පොලිසියට යන ගමන්…

සමයංගේ ගෝලයන් තුන්දෙනා…

කඩුවෙල පාතාල බිය එතැනින් හමාර වෙතැයි කොයි කවුරුත් සිතුවේය. එහෙත් එය එසේ නොවීය. සමයංගේ ප්‍රධාන ගෝලයින් තිදෙනෙක් කඩුවෙල පාතාල බලයට පෙරමුණ ගත්තේය. ඒ කඩුවෙල පිහිටි බහුජාතික සමාගම් ඇතුළු ප්‍රධාන ව්‍යාපාරික ස්ථානවලින් ලැබෙන මිලියන ගණනක්වූ කප්පම්වලට වහ වැටීය.

සමයංගේ තැන ගන්නට පෙරමුණ ගත් ගෝලයින් වන්නේ ඉදුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා, මාබුලගේ දිනෙත් මෙලාන් නොහොත් ඌරු ජුවා සහ ගොත අසංක යන තිදෙනාය. මේ තිදෙනාම නායකත්වටයට එකිනොකා මරා ගන්නට ගත්තේය. අවසානයේදී  මොවුන්ට සිදුවන්නේ එතෙක් කලක් සමයං සිය බලය ව්‍යාප්තකරගෙන සිටි කඩුවෙල පාතාලය   කොටස්  තුනකට කඩාගෙන බලය  පතුරුවන්නටය.   ඒ අනුව ඌරු ජුවා නවගමුව පැත්තේ බලය තහවුරුකර ගත්තේය.  ඉන්ද්‍රා හංවැල්ලේ බලය ඇල්ලුවේය. ගොත අසංක අතුරුගිරිය සහ අංගොඩ පැත්තේ බලය අල්ලන්නට ගියත් ඊට බාධාවක් වන්නේ අංගොඩ ලොක්කාය. ඒ නිසා ඔහු මාකිලන්ගමුවේ සංජීව සමීපයට යන්නේ ඔහුගේ ගෝලයෙක් බවට පත්වෙමිනි.

ඊට අමතරව අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් මෙන්ම අභිරහස් වෙඩික්කරුවෙක් වූ චමින්ද එදිරිසූරිය නොහොත් චමියාද කඩුවෙල බලයට ලොල්ලව සිටියේය.   කඩුවෙල අධිකරණ භූමියේදි වරක් සමයංට වෙඩි තැබුවේද චමියාය. ඒ අංගොඩ ලොක්කාගේ කොන්ත්‍රාත්තුවකටය. සමයංට කතළුතර එතනමඩලේදී වෙඩි තැබීමට ගිය කණ්ඩායමේද චමියා   සිටියේය. හමුදාවෙන් පළාවිත් සිටි සෙබලෙක් වූ චමියා ඒ වන විට මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වූ අයෙකි.

ඌරු ජුවා සහ ඉන්ද්‍රා සමග හැප්පෙන්නට තරම් ඒ වන විට චමියාට බලයක් නොවීය. ඒ ඔහුගේ හයිය වූ අංගොඩ ලොක්කා ඉන්දියාවට පළාගොස් සිටි බැවිණි. එබැවින් ඔහු අංගොඩ ලොක්කාගෙන් ලැබෙන ඝාතන කොන්ත්‍රාත්තුවක් කරගෙන සඟවී ජීවත් වූයේය.

ඉන්ද්‍රා සහ ඌරුජුවා මරාගැනීම

ඒ අතර ඉන්ද්‍රා සහ ඌරු ජුවාගේ ගෝල බාලයින් මරා ගන්නට ගත්තේය. ඒ බල ව්‍යාප්තිය වෙනුවෙනි. සමයං ඝාතනය වන විට ඌරු ජුවා සිටින්නේ බන්ධනාගාර ගතවය. ඔහුගේ නම ඉදිරියේ ලියැවී ඇති පළමු ඝාතනය වන්නේ 2017 වසරේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලබන්නට හෝරා කිහිපයක් තිබියදී කඩුවෙල කොතලාවදී පිඩැලි තුෂාර නැමැති ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කිරීමය. එතැන් පටන් ඔහු හිරේ සිට කළ ඝාතව ගණන 10 කට 15 කට වැඩිය.

මේ අතර ඉන්ද්‍රා බලවත්ව සිටි හංවැල්ලටද   අත දමමින් ඔහු ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත්තේය. හංවැල්ලේ   ඉන්ද්‍රාගෙන් ව්‍යාපාරිකයන්ට හිරිහැරයක් නොවීය. එහෙත් ඌරු ජුවා විසින් ඉන්ද්‍රාටත් අභියෝග කරමින් කප්පම් ගැනීම්වල නිරතවන්නට ගන්නේය. ඒ දූෂිත පොලිස් නිලධාරීන් කිහිප දෙනේකුගේද සහය ඇතිවය. ඒ නිසාම හංවැල්ලේ ව්‍යාපාරිකයින් රැසක්ම සිය ව්‍යාපාර වසා දමා ජීවිත ආරක්ෂාව පතා වෙනත් පැතිවලට පදිංචියට ගියහ.

ඒ අවස්ථාවේදී ඉන්ද්‍රා සිය වැයිකියේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඌරු ජුවාගේ ගෝලබාලයින්ට පහරදෙන්නට ගත්තේය. ඒ ගැටුම දුරදිග යන්නේ ඉන්ද්‍රාගේම ගෝලයින්ගෙන් තොරතුරු ලබා ගෙන ඌරු ජුවා වරක් ඉන්ද්‍රාව ඝාතනය කරන්නට වෙඩික්කරුවෙක් යෙදවීමෙනි. එදා ඉන්ද්‍රා වාසනාවකට සිය ජීවිතය බේරාගත්තද වැඩි කලක් ඔහුට නිදහසේ ඉන්නට ඉඩක් නොවීය. පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළේය.

ආයුද පෙන්වන්ට යෑමට පෙර

ඌරුජුවා බලවත් වීම

මේ අත්අඩංගුවට ගැනීමත් සමග ඌරු ජුවා බලවත් වෙමින් නවගමුවේ පිහිටි එළිෆන්ට් හවුස් ආයතනයේ මෑන් පවර් බලයට අල්ලා ගත්තේය. ඒ ඔහුගේ සහෝදරයාට එම මෑන්පවර් කොන්ත්‍රාත්තුව ලබාදෙමිනි. එය ඔහු සිදුකරන්නේ කළමණාකාරිත්වයට පාතාලයේ බලය පෙන්වමිනි.

සමයංගෝ ගෝලයින් මෙසේ පාතාලයේ බලය අල්ලමින් ජනතාවට හිසරදයක් වෙමින් සිටින විට ඉන්ද්‍රා පොලිස් අත්අඩංගුවට පත්ව පොලිසියෙන් වෙඩි කා මරුමුවට පත්වන්නේ පසුගිය වසරේ අගෝස්තු 28 වෙනිදාය.  මත්කුඩු සමග අත්අඩංගුවට ගත් ඔහු ආයුධ පෙන්වන්නට යමින් සිටියදී පොලිස් ජිප් රථයේ රියදුරු කොස්තාපල්වරයාගේ ගෙල මිරිකන්නට ගිය බවත් ඉන් පසු පොලිසිය ඔහුට වෙඩි තැබූ බවත් පොලිසිය කීවේය. ඉන්ද්‍රා මරා දමන්නේ නවගමුව පොලිස් නිලධාරීන්ය.

ඉන්ද්‍රාගේ මරණය එසේ සිදුවන්නේ ඊට සතියකට පෙර කඩුවෙල බලයට ඇස ගසාගෙන චමියාද ගම්පහ පැත්තේදී පොලීසියට හසුවී ආයුද පෙන්වන්නට ගොස් මැරෙන්නේය.   පෑලියගොඩ කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය එම කොටස ඉටුකර තිබුණේය.

ඌරුජුවා බන්ධනාගාරය තුළ නිරුපද්‍රිතව

ඒ වන විට ඌරු ජුවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය. ඇප ලැබී ඇතත් ඔහු ඇප බැඳ එළියට එන්නේ නැත. ඔහුගේ මෙහෙයුම්  සියල්ල සිදුවන්නේ ජංගම දුරකතනයෙනි. එහෙත් හිටි හැටියේම ඔහුව බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමත් සමග එහි ඒ සෙල්ලම් නැවතිනි. ඒ තත්වය මත ඇප බැඳ එළියට එනවා හැරෙන්නට ඔහුට විකල්පයක් නොවීය.

ඒ අනුව ඉකුත් 10 වෙනිදා ඔහු ඇප මත බන්ධනාගාරයෙන් එළියට ආවේය. එහෙත් බන්ධනාගාරයෙන් එළියට විත් පැය කිහිපයකට වඩා ඔහුට නිදහසේ ඉන්නට ඉඩක් නොවීය. නවගමුව පොලීසිය ඔහුව අත්අඩංගුවට ගත්තේය. අනතුරුව අවුරුදු ගණනක් බන්ධනාගාරයේ සිටිය දී ප්‍රශ්න කර සොයා ගත නොහැකිව තිබූ ආයුධ සොයාගන්නට පසුගිය 11 වෙනිදා රෑ   එක්ක ගියේය. ඔහු ද පොලිසියෙන් වෙඩි කා මිය ගොස් තිබුණේය.

ගොත අසංක ඉතිරියි

දැන් සමයංගේ ගෝලයින්ගෙන් කඩුවෙල බලය අල්ලන්නට සිටි අයගෙන් ඉතිරිව සිටින්නේ ගොත අසංක පමණි. ඔහුද සිටින්නේ බන්ධනාගාරයේය. ඔහු වැඩ පෙන්වන්නේ හිටපු එල්.ටී.ටී,ඊ. වෙඩික්කරුවන් පිරිසක් සමගිනි. යම් දිනක ඇප ලබා එළියට එන ඔහුගේ ඉරණමද විසදෙනු ඇත්තේ මේ අයුරිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශගුණික විපර්යාස කාර්‍ය සාධක බලකායත් බැසිල් අතට

Next Post

දිවයිනටම දැමූ සංචරණ සීමාව යළි වෙනස් වෙයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.