පහළොස් හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගෙන දූෂණය කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නාවික හමුදාවේ ලුතිනන් කමන්ඩර්වරයෙක් වූ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සහ කෝටිපති මැණික් ව්‍යාපාරිකයින් දෙදෙනා සම්බන්ධව ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම් ප්‍රකාරව ඔවුන්ව දැඩි ඇප කොන්දේසි මත මුදා හරින්නට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියම කළාය.
මහේස්ත්‍රාත්වරයි කීවේ පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති හෙයින් සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබා ගැනීම යුක්ති සහගත නොවන බවය.
සැකකරුවන් සිව්දෙනා අද පෙරවරුවේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමු කරනු ලැබ තිබිණි. එහිදී එහිදී අගතියට පත් දැරිය විසින් එම සැකකරුවන් පහසුවෙන්ම හා විස්තරාත්මකව හඳුනා ගත් බව මහෙස්ත්‍රාත්වරිය නිවේදනය කළාය.
එම කිසිදු සැකකරුවකු අදාළ දැරිය සමඟ ලිංගික ක්‍රියාවලියේ නිරත වීමේ දී ඇයගේ වයස පිළිබඳව විමසීමක් නොකළ බව දැරිය ප්‍රකාශ කළ ආකාරය මහේස්ත්‍රාත්වරිය අධිකරණයේදී ප්‍රකාශ කළාය.
එක් එක් සැකකරු රු.25000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය පරීක්ෂණවලට මැදිහත් වීමෙන් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් එවැනි ක්‍රියාවක නිරත වූ බවට පැමිණිල්ලක් ලැබුණහොත් ඇප අවලංගු කොට නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් සැකකරුවන්ට තරයේ අවවාද කළාය.
එමෙන්ම සෑම ඉරු දිනකම පෙරවරු 9.00-12.00 අතර ළමා හා කාන්තා කාර්යාංශයට සැකකරුවන් වාර්තා කළ යුතු බවටත් නියෝග කළාය. එම සැකකරුවන්ට අදාළ නඩුව නැවත අගෝස්තු මස 19 කැඳවන බව ද අධිකරණය නියම කළේය.