අම්පිටිය ගාල්තැන්නේ දී පුද්ගලයින් දෙදෙනෙකුට ඇණ ගැසූ සිද්ධියේ චූදිතයාවන දුෂ්මන්ත ප්‍රනාන්දු නැමැති කපුවා ඇතුළු චුදිතයන් 12 දෙනා ලබන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තෙල්දෙණිය අධිකරණය විසින් අද (09) නියෝග කළේය.
මෙම චූදිතයන් 12 දෙනාට ඇප ලබා දී ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් විසින් අධිකරණයෙන් ඉල්ලා සිටිය ද තෙල්දෙණිය පොලිසිය ඒ ඉල්ලීම සඳහා දැඩිව විරෝධය පලකර තිබිණි.
දීර්ඝ කරුණු දැක්වීමක් කළ තෙල්දෙණිය පොලිසිය පරීක්ෂණ නිවැරදිව කරගෙන යෑම සඳහා මෙම චූදිතයන්ට ඇප ලබා නොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම සලකා බලා තෙල්දෙණිය මහේස්ත්‍රාත්වරයා විසින් චූදිතයන් 12 දෙනා ලබන 19 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.