දිනසේන රතුගමගේ –
දිවයිනේ දකුණු ප්‍රදේශයේ සිට උතුරු පළාතට විවිධ මාර්ග ඔස්සේ පැමිණෙමින් සිටි පුද්ගලයින් 159 දෙනෙකු 30 දා අහඹු ලෙස පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව ඔවුන් 29 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් බවට නිගමනය වී තිබේ.
සවස් කාලයේ සිට පසුදා අලුයම වන තුරු මෙම අහඹු පරීක්ෂණ සිදු කොට ඇති අතර ආසාදිතයින් ලෙස හදුණාගත් පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබේ.
ආසාධිතයින් ලෙස හදුණාගත් පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් ව්‍යාපාරිකයින් වන අතර ඔවුන් දකුණේ සිට විවිධ භාණ්ඩ රැගෙන උතුරු පළාතට පැමිණි පිරිසකි.