කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින් සොයා සංගණනයක් පවත්වන්නැයි ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ කොවිඩ් මර්දන කමිටුව උපදෙස් දී ඇත.
මේ අනුව ඉදිරි දින කීපය තුළදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ග්‍රාම නිලධාරීන්ව සම්බන්ධ කර ගනිමින් මෙම සංඝණය පවත්වන අතර කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින්ට එන්නත ලබා නොගත්තේ ඇයිද යන්න පිලිබඳව සොයා බලා එන්නත ලබා දීමට කටයුතු කරන බව ඖෂධ නියාම රාජ්‍ය ආමත්‍ය චන්න ජයසුමන සඳහන් කළේය.
එන්නත ලබා නොගන්නා කණ්ඩායම් තුනක් දැනට සිටින බවත් ඉන් එක් කණ්ඩායමක් වන්නේ එන්නත් කටුවලට ඇති බිය වන්නන්, අනෙක් කණ්ඩායම වන්නේ තමා තුළ හොද ප්‍රතිශක්තියක් තිබෙන බවට ඇති අධිතක්සේරුව , හා අනෙක් කණ්ඩායම වන්නේ එන්නත ලබා ගැනීමෙන් පසු ව යම් යම් ආබාධ තත්ත්වයන් ඇතිවෙයි යන්න බියක් හටගන්නා අයය යැයි ඇමතිවරයා පෙන්වාදේ.
ගෙන් ගෙට ගොස් මෙම පුද්ගල කණ්ඩායම් සොයා ඔවුන්ට කරුණු පහදා දි එන්නත ලබා දිමට කටයුතු කිරීමට කොවිඩ් මර්දන කමිටුව පියවර ගන්නා බවද ඇමතිවරයා සදහන් කරයි.
කොවිඩ් ආසාදනය වූවන්ගෙන් මරණයට පත් වූ සියයට 95ක් දෙනා කොවිඩ් එන්නත ලබා නොගත් අය බැවින් එන්නත ලබා දීමට කටයුතු කිරීමෙන් කොවිඩ් මරණ අවම කර ගත හැකි වනු ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.
කෙසේ නමුත් එන්නත ලබා දීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් අප මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු සදහන් කළේ කොවිඩ් මර්දන එන්නත කිසිවෙකුටවත් බලෙන් ලබා දීමට නොහැකි නමුත් එන්නත ලබා ගැනීමෙන් හා නොගැනීමෙන් සිදුවිය හැකි කොවිඩ් අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම් පමණක් කල හැකි බවය.
එම දැනුවත් කිරීම මගින් අදාල පුද්ගලයා එන්නත ලබා ගන්නේද නැද්ද යන්න තීරණයකට එළඹිය හැකි වනු ඇතැයිද ඔහු සදහන් කරයි.
මේ අතර එන්නත ලබා ගත් කාඩ්පත නොමැති පුද්ගලයින්ට රාජ්‍ය ආයතන , හා පොදු ස්ථානයන් ඇතුලුවීමට අවසර නොදීමට කොවිඩ් මර්දන කමිටුවේ අවදානය යොමුව ඇත.
පොදු ප්‍රවාහන සේවයට යොමු විය හැක්කේද මෙම කාඩ්පත හිමි අයට පමණක් වන පරිදි සැලසුම් සකස් කිරිම කෙරෙහි ප්‍රවාහන ඇමතිවරයාගේ අවදානය පසුගියදා යොමුවීය.
ඒ අනුව මගී බස්රථයන්ට හා දුම්රියන්ට ගොඩවීමේදී මෙම කාඩ්පත අනිවාර්ය කිරීමට ඉදිරියේදී පියවර ගනු ඇතැයි සෞඛ්‍ය අංශය පෙන්වාදේ.







