දිනසේන රතුගමගේ –
වවුනියාව නගර සභාව විසින් සිදු කරණු ලබන ගිනි නිවීමේ සේවාව තාවකාලිකව නවතා දමා ඇති බවට නගර සභා ලේකම්වරයා නිවේදනයක් නිකුත් කොට තිබේ.
වවුනියාව නගර සභාව සතුව තිබූ ගිණි නිවන එකම රථය අබලන් වීම නිසා එහි අළුත්වැඩියා කටයුතු සඳහා රථය කොළඹට යැවීමට සිදු වූ නිසා මේ තීරණය ගත් බවද ඊයේ නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වෙයි.
ගිනි නිවන රථයේ අළුත්වැඩියා කටයුතු අවසන් වූ වහාම යළිත් එම සේවාව ආරම්භ කරන බව ප්රකාශ කොට ඇති වවුනියාව නගර සභාවේ ලේකම්වරයා එම සේවාව ලබා දෙන තුරු හදිසි ගිනි ගැනීම් වලදී වවුනියාවේ ආරක්ෂක අංශ සතුව ඇති ගිනි නිවන ඒකකවල හා ප්රාදේශීය සභාවල ඇති ජල බව්සර් වල සේවාවන් ලබා දීමට පියවර ගන්නා බවද සඳහන් කොට ඇත.