තලේබාන් සංවිධානය විසින් ඉකුත් එරට වොයිස් ඔෆ් ඇමෙරිකා සහ රේඩියෝ ෆ්‍රී යුරෝප් සහ රේඩියේ ලිබටි යන ගුවන් විදුලි මධ්‍යස්ථාන වල විකාශය වූ ගුවන් විදුලි නාලිකා තහනම් කිරීමට පියවර ගෙන තිබේ.
අදාල නාලිකා විසින් පක්ෂග්‍රාහීව සිය කටයුතු කිරීම එම නාලික වන් හී විකාශය තහනම් කිරීමට හේතු වූ බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කරයි. එහිදී මූලික මාධ්‍ය මූල ධර්ම වලට පටහැනිව අදාල නාලිකා කටයුතු කර ඇති බවත් එය අනුමත කළ නොහැකි බවත් තලේබාන් සංවිධනය පෙන්වා දී ඇත.
ඇෆ්ගනිස්ථානයේ තොරතුරු සහ සංස්කෘතික කටයුතු විකාශයන සම්බන්ධයෙන් අධීකරණය කරනු ලබන අබ්දුල් හක් හමාඩ් ට්විටර් වෙත සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, “ඇමරිකානු ආක්‍රමණයෙන් පසු විකාශනය ආරම්භ කළ අසාද් ගුවන් විදුලි නාලිකාව මාධ්‍යවේදි මූලධර්මවලට අනුකූල නොවීම හේතුවෙන් විකාශන කටයුතු නවතා දැමීමට කටයුතු කරනු ලැබුවා. එහිදී ඔවුන් මූලික මාධ්‍ය ආචාර්ය ධර්ම අනුගමනය කිරීමට අපහෝසත් වෙලා තිබෙනවා.” යනුවෙනි.
මීට පෙරද ඇෆ්නිස්ථාන බලධාරීන් විසින් වොයිස් ඔෆ් ඇමරිකා රූපවාහිනී වැඩසටහන නවතා දැමීමට පියවරගෙන තිබිණී.
වොයිස් ඔෆ් ඇමරිකා පවසන අන්දමට ඇෆ්ගනිස්ථෘන බලධාරීන් විසින් තමන් සමඟ අදාල වැඩසටහන් වල අන්තර්ගතය සම්බන්ධයනේ ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් නිසි ලෙස තොරතුරු බොදා ගැනීමක් සිදුකර නොමැත.
මේ අතර ඇෆ්ගනිස්ථාන බලධාරීන් පෙන්වා දෙන ආකාරයට එරට තුල නිසි මාධ්‍ය නිති ක්‍රියාත්මක වන අතරම එරට තුල පිළිගත් මාධ්‍ය ආචාර ධර්ම අනුගමනය කිරීමට පියවර ගන්නා ලෙස මාධ්‍ය ආයතන ලෙස දැනුම් දී ඇත.







