ආපසු සිය මව්බිමට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ට්බෙටයෙන් පලාගොස් සිටින ටිබෙට් ජාතිකයන් විසින් 14 වැනි දලයි ලාමා වහන්සේගේ 88 වැනි උපන්දිනය පසුගියදා උත්කර්ෂවත් ලෙස සැමරනු ලැබීය.
ටිබෙට් ප්‍රජාවේ වැඩිහිටියන්, තරුණ කාන්තාවන්, භික්ෂූන් සහ තවත් විශාල පිරිසක් සිය තාවකාලික නායකයාගේ උපන්දිනය සැමරීම සඳහා චෝටා ෂිම්ලා හී පවතින ටිබෙට් පාසලේ වෙත රැස් වූහ. ඉන්දීය බෞද්ධ ප්‍රජාව සහ ප්‍රදේශවාසීන් ද මෙම උත්සවයට සහභාගි වූහ.
හිමාචල් ප්‍රදේශ් හී මානව සංවර්ධන, උද්‍යාන විද්‍යා සහ ආදායම් අමාත්‍ය ජගත් සිං නේගි දලයි ලාමා හිමියෙන්ගේ ජන්ම දිනය වෙනුවෙන් සකස් කර තිබූ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේය. එහිදී ඔහු දලයි ලාමා වහන්සේගේ සහ ටිබෙටයේ ජීවිතය පිළිබඳ සම්බෝතා ටිබෙට් පාසල විසින් සංවිධානය කරන ලද ප්‍රදර්ශනයද විවෘත කළේය.
ටිබෙට් ජාතිකයන් මෙම උපන්දිනය සමරන්නේ කවදා හෝ ටිබෙටයේ එය සැමරීමේ බලාපොරොත්තුවෙන්. “අපි 14 වැනි දලයි ලාමා තුමාගේ 88 වැනි උපන්දිනය සමරන අතර එම උත්සවයට ආදායම් අමාත්‍ය ජගත් සිං නෙගී සහභාගි වී ඇත.
ටිබෙට් ජාතිකයන් මෙම උපන්දිනය සෑම වසරකම සමරන්නේ කෙදිනක හෝ ටිබෙටයේදී ඔවුන්ට එය සැමරීමේ අවස්තාව උදාවෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි.
“අපි 14 වැනි දලයි ලාමා තුමාගේ 88 වැනි උපන්දිනය සමරන අතර එම උත්සවයට ආදායම් අමාත්‍ය ජගත් සිං නෙගී සහභාගි වී ඇත.අපි මෙහි සංස්කෘතික නැටුම් ඇතුළු උපන්දින සැමරුමක් සංවිධානය කළා. ශිම්ලා හි පමණක් නොව ලොව පුරා සිටින ටිබෙටයෙන් පලාගිය ටිබෙට් ප්‍රජාව අද දලයි ලාමා වහන්සේගේ උපන්දිනය සමරනවා. අපි මේ අවස්ථාවේ ගෞරවය පුද කරනවා උන්වහන්සේගේ ඉගැන්වීම් වලට,” යනුවෙන් ෂිම්ලා හි මධ්‍යම ටිබෙට් පරිපාලනයේ ප්‍රධාන නියෝජිත වැඩිදුරටත් පැවසීය.