කොළඹ නගර සීමාවෙන් මාසයකට ක්ෂය රෝගීන් 15ක් 20ක් අතර සංඛ්‍යාවක් වාර්තා වන කොළඹ දිස්තික් ලේකම් කාර්යාලයේදී ඊයේ (11) පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය.
මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා වූ කාලය තුළදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 100 ක් වාර්තා වූ බවද එහිදී අනාවරණය විය.
රටේ වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
එමෙන්ම, ක්ෂය රෝගීන්ද ලංකාවේ වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ නගර සීමාවෙන් බව සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.
ලාදුරු සහ ක්ෂය රෝගීන් හඳුනා නොගතහොත් එය තවත් අයකුට බෝවීමේ අවදානමක් පවතින බවද සෞඛ්‍ය අංශ කියයි.
කොළඹ සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් ලාදුරු රෝගය මර්දනය කළහොත් එය සමස්ත ශ්‍රී ලංකාවෙන්ම මර්දනය කළා වැනි යැයිද සෞඛ්‍ය නිලධාරීහු කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කියා සිටියහ.







