ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් වුවත් පී බී ජයසුන්දර ජනාධිපති උපදේශකයකු ලෙස පත් කිරීමට නියමිතව ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පී.බී. ජයසුන්දර විසින් ඉල්ලා අස්වීම සඳහා යොමු කළ දීර්ඝ ලිපියේ අන්තර්ගතය අතිශයින්ම විවාදාපන්න බවත් එම තොරතුරු මාධ්‍යය වෙත හෙළි දරව් වීම වැළැක්වීමට ගත හැකි සියලුම විධිවිධාන යොදා ඇති බවත් වාර්තා වේ.
නව ජනාධිපතිලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් වැඩ භාරගැනීමට නියමිතය.