බුද්ධංගල ආනන්ද හිමිපාණන් අද අපවත් වූහ. උන්වහන්සේ අපවත් වනවිට වයස අවුරුදු 78ක් පූරණය කර තිබිණි.
මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගේ දෙටු සොයුරා වූ උන්වහන්සේ ගිහිකළ රටේ කීර්තිමත් යුද හමුදා ප්‍රධානියෙක් වී සිටියේය. මීට අමතරව ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා සභාපති තනතුරද එතුමෝ ගිහිකල හෙබවූහ. එතුමන් මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි.
මේජර් ජනරාල් ආනන්ද වීරසේකර ලෙස යුද හමුදා දිවියෙන් විශ්‍රාම ගිය එතුමෝ බුද්ධංගල ආනන්ද නමින් පැවිදිව අම්පාර බුද්ධංගල වන අරණේ භාවනානුයෝගීව අධ්‍යාත්මික ජීවිතයක් තෝරා ගත්හ.
අවන් කටයුතු පිළිබද පසුව දැනුම් දීමට නියමිතය.