චීනය විසින් නවසීලන්තයට සහ පැසිපික් කළාපය තුල සිය බුද්ධි මෙහෙයුම් වර්ධණය කර ඇති බවට නවසීලන්ත රජය පසුගියදා නිවේදනය කළේය.
නවසීලන්ත ආරක්ෂක බුද්ධි සේවය විසින් විශේෂ වාර්තාවක් නිකුත් කරමින් සදහන් කර සිටියේ මෙම තත්ත්වය නවසීලන්තයට සංකීර්ණ බුද්ධි අංශ සංම්බන්ධයෙන් අභියෝගයක් නිර්මාණය කිරීමට සමත්ව ඇති බවයි.
ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ එක්සත් ජනපදය ඇතුළත් පස් සමාජිකය ඔත්තුසේවා එකමුතුව සහ ආරක්ෂක සන්ධානයේ කොටසක් වන නවසීලන්තය, ඓතිහාසිකව සිය විශාලතම වෙළඳ සහකරු වන චීනය කෙරෙහි වඩාත් සහනශීලී ප්‍රවේශයක් ගෙන තිබිණි. කෙසේ වෙතත් මෑත මාස වලදී චීනයේ ක්‍රියාකාරම් සම්බන්ධයෙන් නවසීලන්ත දැඩි අවධානයක් යොමුකර තිබිණි.
නවසීලන්තයේ ආරක්ෂණ අභියෝග පරිසරය 2023 යන මාතෘකාවෙන් යුත් වාර්තාව, නවසීලන්තය මුහුණ දී සිටින අවදානම් පිළිබඳව නවසීලන්ත වැසියන්ට වඩා හොඳින් දැනුවත් කිරීම සඳහා ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත් කෙරෙන අතර, ඉදිරි මැතිවරණයට මෙය එක්තරා වාසිදායක මාතෘකාවක් ලෙස භාවිතා කිරීමක් බවටද සඳහන් කළ හැකිය.
මෙම වාර්තාවෙන් ඉරානයේ සහ රුසියාවේ “විදේශ මැදිහත්වීම්” ක්‍රියාකාරකම් ද ඉස්මතු කර ඇත. කෙසේ වෙතත්, නවසීලන්තයේ අභ්‍යන්තර කටයුතු වලට වැඩිම බලපෑමක් කරනු ලබන පර්ශවය ලෙස කැපී පෙනෙන පාර්ශවය බවට පත්ව ඇත්තේ චීනයේ බුද්ධි අංශයට සම්බන්ධ කණ්ඩායම් සහ පුද්ගලයින් විසින් නවසීලන්තයේ විවිධ ජනවාර්ගික චීන ප්‍රජාවන් අඛණ්ඩව ඉලක්ක කර ගැනීම බවද අදාල වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
ඒ අනුව මීන් පෙර කවරදාකටත් වඩා නවසීලන්තයට චීනය අභියෝගයක් වී ඇති බවත් එය රට අභ්‍යන්තර කටයුතු වලටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බවටද එම වාර්තාව සඳහන් කර තිබිණි.