සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨා නැති රටේ ජනපති හටන…

by editor
ජූලි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන 20 දා පැවැත්වෙන ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ ඡන්ද විමසීමට මේ වනවිට නම් 04ක යෝජනා වී ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක,  43 කණ්ඩායමේ  නායක චම්පික රණවක  යන අයගේ නම් ඒ සඳහා මේ වනවිට යෝජනා වී තිබේ.

උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය මත නව සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව ජනාධිපතිවරයෙක් පත් කරගැනීම සඳහා පාර්ලිමේන්තුව කඳවා තීරණයක් ගත යුතු බවට අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී මූලික  එකඟතාවය මත මෙම චන්ද විමසුම සිදුකරනු ලබයි.

ඒ අනුව ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වීමට කැමති තවත් මන්ත්‍රීවරුන් වෙත් නම් ඔවුන්ට     ඒ සඳහා  ඉදිරිපත් විය හැකිය. මෙම තෝරා ගැනීම සිදුවන්නේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරිනි.  දැනට ඉදිරිපත් වී ඇති නීතිඥ සංගමයේ  සභාපති සාලිය පීරිස් වැනි  වෙනත් පුරවැසි යෝජනා සඳහා මේ අවස්ථාවේ දී ඉඩක් නැත. එසේ ඉදිරිපත් වෙනවා නම් අයෙක් ඉල්ලා අස් වී ජනාධිපති ධුරය අපේක්ෂා කරන පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දිය යුතුය.

ජනාධිපති ධුර අපේක්ෂක මන්ත්‍රීවරුන්ට  19 වැනිදා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.  අනතුරුව 20 වැනිදා රහස් ඡන්දයකින් නව ජනාධිපතිවරයා තෝරා ගැනීමට නියමිතව ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ නමුත් මේ වනවිට උද්ගතවී ඇති තත්තවය සමග 13 වැනිදා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර තිබේ.

එලෙස ඔහු ඉල්ලා අස්වීමෙන් පසු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ වනවිට සිටින අගමැතිවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් වීමට නියමිතය.

ඔහුගේ වැඩ බලන කාලය දින 10ක් වන අතර එම දින 10 තුළ පාර්ලිමේන්තුවේ  ඡන්ද විමසීමකින්  ජනාධිපතිවරයෙක් පත් කිරීමට  ව්‍යවස්ථාව අනුව සලසා දී ඇති    ප්‍රතිපාදන මත පදනම්ව  ලබන 20 දා ජනාධිපතිවරයා තෝරා ගැනීමට කටයුතු කරනු ඇත.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති ඉල්ලා අස්වීම තවම ලිඛිතව බාර දී  නෑ – කතානායක

Next Post

කතානායක කීවේ ඇත්තක් ද?. සැලසුම කළ බොරුවක් ද?.

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.