තවමත් ජනාධිපතිවරයා තම ඉල්ලා අස්වීම නිල වශයෙන් ලිඛිතව ලබා දී නැති බව කතා නායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවැති පක්ෂ නායක රැස්වීමේදී ඔහු ඒ බව පක්ෂ නායකයින්ට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයාගේ ඉවත් වීම පිළිබඳව පක්ෂ නායකයින් ඔහුගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු කීවේ ජනාධිපතිවරයා ආරක්ෂිත ස්ථානයක සිටින බවත් බදාදා වන විට ලිඛිතව ඉල්ලා අස්වීම එවනු ඇති බවත්ය.
ජනපතිවරයා රටින් පිටවි ගිය බව බීබිසියට කීවේත්, එය තමන්ට වූ වැරැද්දක් බව පසුව නෙත් එෆ් එම් සේවයට කීවේත් පක්ෂ නායකයින්ට කළ මේ දැනුම් දීමෙන් පසුවය.









