බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි දහයක් ගෙවන්න කිසිසේත්ම මට බෑ… මට එච්චර වත්කමක් නෑ – හිටපු ජනාධිපති කියයි!

by editor
ජනවාරි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට හිස නමා ගරු කරන නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කළ වන්දි මුදල ගෙවීමට තමන්ට කිසිසේත්ම වත්කමක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පැවසුවේය.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ අද (15) නිට්ටඹුව නගරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය ජනාධිපතිවරයාව සිටින වකවානුවෙත් පාර්ලිමේන්තවට ඉදිරිපත් කළ බව කී හිටපු ජනාධිපතිවරයා එය ඕනෑම කෙනෙකුට බලා ගත හැකි පව පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය තුළ වන්දි මුදල ගෙවීමට තමන්ට හිවත් පිරිසක් මුදල් එකතු කිරීමට තීරණය කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

මේ ප්‍රහාරය සම්බන්ධව කිසිම කෙනෙක් තමන්ව දැනුම්වත් කර නැති බව යළි යළිත් ප්‍රකාශ කරන්නේ යැයි කී හිටපු ජනාධිපතිවරයා මෙම වන්දිය ගෙවන්නට තමන්ට සිදුවූයේ ජනාධිපතිවරයා විසින් පත් කළ නිලධාරීන් යම් වරදක් සිදුකළහොත් එහි වගකීම ජනාධිපතිවරයාටත් පැවරෙන බවට වූ නඩු තීන්දුවක් මත පදනම්ව බව කීවේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

“මේ නඩු තීන්දුව ගැන කතා කරනවිට පළමුවැනි දේ තමයි නීතියට ගරු කරන්න ඕනේ. අධිකරණයේ තීන්දු සඳහා හිස නමන කෙනෙක් මම.
මේ සිද්ධිය වෙනකොට මම හිටියේ පිටරට සිංගප්පූරුවේ රෝහලේ. අනත්ත අප්‍රමාණ මම කිව්වා, මේ සිදුවීම පිළිබඳව ආරක්ෂ අංශවල නිලධාරීන්ට තොරතුරු ලැබුණාට ඒ කිසිදු නිලධාරීයෙක් මට මේ ගැන කිව්වේ නැහැ. මේ නඩු තීන්දුවේ පිටු 85 ඇතුළේ තිබෙනවා. මේ තොරුතුර නිලධාරීන්ට ලැබුණාට ජනාධිපතිවරයා කිසිම ආකාරයකින් දැනුවත් වෙලා නැහැ කියලා.
ඊළඟට ඔබට සිතයි මේ කෝටි 10 ගෙවන්න තීන්දු කළේ කියලා. මානව හිමිකම් කඩවීමක් පිළිබඳව. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ තිබෙනවා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් යම් වැරැද්දක් කළහොත් ඒකට ජනාධිපතිවරයාද වගකිව යුත්තේය කියලා මේ නඩු තීන්දුවේ ලියලා තියෙනවා. පොලිස්පති පත්කරන්නේ ජනාධිපති, ආරක්ෂක ලේකම් පත්කරන්නේ ජනාධිපති. ඔත්තු සේවා අධ්‍යක්ෂ පත්කරන්නේ ජනාධිපති නෙමෙයි පොලිස්පතිතුමා. ඒ අයගෙන් ඉටුනොවුණ එකට මමත් වගකිව යුත්තෙක් කියලා තමයි මටත් කෝටි 10ක වන්දියක් ගෙවන්න නඩු තීන්දුවේ දීලා තියෙන්නේ.
කෝටි 10ක වන්දියක් ගෙවන්න කොහෙත්ම ආර්ථිකයක් තියෙන කෙනෙක් නෙමෙයි මම. මම සහ මගේ හිතවතුන් තීරණය කරලා තිබෙන්නේ, අපි අපට හිතවත් අයගෙන් සල්ලි එකතු කරමු කියලා. එහෙම කියනකොට මම ඇහුවා එහෙමනම් කොළඹ කොටුවේ බෝ ගහ යට ටිං එකක් හොල්ල හෝල්ල ඉන්නද කියලා ?. කිසිදු ආදායමක් නැහැ. මගේ වත්කම් ප්‍රකාශනය හැම අවුරුද්දේම මම පාර්ලිමේන්තුවට දීලා තියෙනවා.
මම ජනාධිපතිවෙලා හිටපු අවුරුදු 5ත් හැම අවුරුද්දේම මම දීලා තියෙනවා මගේ වත්කම් ප්‍රකාශනය. ඉතින් මගේ වත්කම් ප්‍රකාශනය ඕනේ කෙනෙකුට බලන්න පුළුවන් තොරතුරු දැනගැනීමේ පණත යටතේ. ඕනේ නම් අරගෙන බලන්නත් පුළුවන් මට මොනවද තියෙන්නේ කියලා. ඒ නිසා මගේ මිත්‍රයෙක් තීරණය කරලා තියෙන ආකාරයට මම බලාපොරොත්තු වෙන්නේ මගේ හිතවතුන්ගෙන් මේ සඳහා අවශ්‍ය සහායෝගය ගන්නයි.
මම පුද්ගලිකව කියනවා මට නම් මොන විදිහේ අභියෝග ආවත් මගේ දෙපා මුලට හෙණ හැහුවත් මට වැදෙන්නේ නැහැ. ඒ ඕනෑම අභියෝගයකට මම සිනාමුසු මුහුණෙන් මුහුණ දෙනවා.”

මේ කතාවත් බලන්න…

මාස 06ක් තුළ පාස්කු නඩුවේ වන්දි නොගෙව්වොත් මෛත්‍රීලාට වෙන දේ….

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාගොඩ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අතුරුදහන්…

Next Post

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ෆයිසර් මුස්තාපා ශ්‍රීලනිප යේ සියලුම තනතුරුවලින් ඉල්ලා අස්වේ….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.