බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාස 06ක් තුළ පාස්කු නඩුවේ වන්දි නොගෙව්වොත් මෛත්‍රීලාට වෙන දේ….

by editor
ජනවාරි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඒ.ජේ.අබේනායක –

  • අභීයාචනා කරන්න තැනක් නෑ… අනිවාර්යයෙන් මාස 06ක් තුළ වන්දි මුදල් ගෙවිය යුතුයි… නොගෙව්වොත් වත්කම් තහනම් කර වැටුප් විශ්‍රාම වැටුප් තහනම් කර වන්දිය අය කරගත හැකියි…

  • ගෙවීම පැහැර හැරියොත් එය අධිකරණයට අපහාස කිරීමක්… වෙනම වරදක්… උසාවියට වන්දි මුදල දඩයක් ලෙස අය කරගත හැකියි… සිරදඬුවමක් නියම කරන්නත් පුලුවන්…

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ රාජකාරි පැහැරහැරි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර වන්දි ගෙවන ලෙස නියෝග කරනු ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හේමසිරි ප්‍රනාන්දු, පූජිත් ජයසුන්දර, සිසිර මෙන්ඩිස්, නිලන්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන් අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් ඔවුන් සතු දේපළ, ලැබෙන වැටුප් හෝ විශ්‍රාම වැටුප් තහනම් කිරීමට හැකි බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා පවසයි.

ඒ අනුව තමන් වෙත පැවරී තිබූ රාජකාරි වගකීම් සහ ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැරීමට දඬුවමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 12 දා නියම කළ වන්දි මුදල් නොගෙවා සිටීමේ කිසිදු නීතිමය අවසරයක් එම වගඋත්තරකරුවන් 05 දෙනාට හිමි නොවන බව ද නීතිය පිළිබඳ විශාරදයකු වන හෙතෙම සඳහන් කළේය.

නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් එම වගඋත්තරකරුවන් ඇතුළු එවකට රාජ්‍ය බලය හෙබවූ දේශපාලන අධිකරිය මෙන්ම පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් ඔවුනගේ රාජකාරී වගකීම් පැහැර හැරීමට එරෙහිව ප්‍රහාර එල්ලවී දින තුනක් ඉක්මවා යෑමට මත්තෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර පළමු වෙඩි මුරය පත්තු කළ පෙත්සම්කරු ද වන හෙතෙම මෙසේ කීය.

මෙම නියෝගය මෙරට අධිකරණ ඉතිහාසයේ මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් ලබා දුන් ඓතිහාසික මෙන්ම ශ්‍රේෂ්ඨතම තීන්දුවක්. රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් ඒකමතිකව ලබා දුන් තීන්දුවට අභියාචනා කළ හැකි තවත් ඉහළ අධිකරණයක් නෑ.

අධිකරණය ලබා දුන් මාස 06ක කාල සීමාවේදී එම වගඋත්තරකරුවන් අනිවාර්යයෙන්ම මෙම වන්දි මුදල ගෙවිය යුතුයි. නීතිපතිවරයාට දැනටමත් අධිකරණය නියෝග කරලා තිබෙන්නේ මෙම මුදල් නිසි අරමුදලකට බැර කර අධිකරණයට කරුණු වාර්තා කරන්න කියලා. එම නිසා නීතිපතිවරයා එම නියෝගය ඉටු කළ යුතුයි. එහෙම නොකළොත් අපි ඒ ගැන අධිකරණයට පැමිණිලි කරනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අධිකරණ නියෝග කැඩුවොත් අධිකරණයට ඒක අපහාසයක් වෙනවා. ඒ පදනම මත විත්තිකරුවන් පස් දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්න උසාවියට පුළුවන්. එම මුදල් දඩයක් ලෙස අය කර ගන්න නියෝග කරන්නත් පුළුවන්. පෙත්සම්කරුවන්ගෙන් දිවුරුම් ප්‍රකාශ කැඳවලා ඔවුන් සතු දේපළ තහනම් කරන්න, බැංකු ගිණුම් හා ඔවුනට ලැබෙන වැටුප් හෝ විශ්‍රාම වැටුප් තහනම් කර හෝ ඒ මුදල් අය කර ගන්නත් පුළුවන්. වන්දි මුදල් නොගෙව්වොත් සිර දඬුවම් නියම කරන්නත් පුළුවන්.

මේ තීන්දුවට එරෙහිව අභියාචනාවක් කරන්න ඉඩක් නෑ. තීන්දුව දීලා තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින අඩකටත් වැඩිවූ විනිසුරු මඬුල්ලක්

ඉරිදා දිවයින –

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩලස් – මෛත්‍රී නායකත්ව ගැටුම පිපිරෙයි… ගිය සතියේ හැදූ හෙළිකොප්ටරයෙන් ශ්‍රි.ල.නි.ප ඉවත් වීමේ සූදානමක !

Next Post

මගීන් 72ක් සමග හිම කඳු අතර බිඳ වැටී ලෝකය කම්පා කළ නේපාලයේ ගුවන් අනතුර

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.