පසුගිය සතියේ හෙළිකොප්ටරයේ ලකුණින් ගොඩනැගූ නිදහස් ජනතා සන්ධානයේ තටු අද (15) බොහෝ දුරට ගැලවි යනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ අභ්‍යන්තරයේ පැන නැගී ඇති නායකත්ව අර්බුදය බව හෙළි වී තිබේ.
නායකත්වය සඳහා මෛත්‍රිපාල සිරිසේන සහ ඩලස් අලහප්පෙරුම අතර ඇති වී ඇති මත ගැටුම මේ වනවිට පුපුරා යෑමට ආසන්න බවත් අද සවස හදිසියේ කැඳවූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව එම පක්ෂය හෙළිකොප්ටර සන්ධානයෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගෙන් මේ අර්බුදය සම්බන්ධව ලංකාසර කළ විමසිමක දී ඔහු කියා සිටියේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය සම්බන්ධව අද පක්ෂය තුළ පුළුල් ලෙස සාකච්ඡා කරන බවය.