බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹින් ගෙයක් ඕන නම් ඇප්ලිකේෂන් එකක් දාන්න පුලුවන්… එතකොට සලකා බලා අසරණයි වග පේනවා නම් පින් තකා ගෙයක් දෙන්න පුලුවන්… ජනපති හිටපු ජනපතිවරුන්ට කියයි!

by editor
නොවැම්බර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපතිවරයෙකුට කොළඹින් නිවසක් අවශ්‍ය නම් පෝරමයක් පුරවා ඉදිරිපත් කළ හැකි බවත්, ඉන් අනතුරුව ඔහුට ජීවත් වීම සඳහා ක්‍රමයක් නැති අස්වැසුම ගන්නා මට්ටමේ කෙනෙක් බව තේරුම් ගියහොත් පින් තකා නිවසක් ලබා දිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (08) පස්වරුවේ කෑගල්ලේ පැවති ජාතික ජන බලවේගයේ ජන රැළියක් අමතමිනි. එහිදී ජනාධිපතිවයා කීවේ දේශපාලනයට ප්‍රමිතියක් අවශ්‍ය බවය. එවැනි ප්‍රමිතියක් දැන් මේ රටේ දේශපාලකයින්ට නැති බව කී ජනාධිපතිවරයා ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, ඇමතිවරයාට, නියෝජ්‍ය ඇමතිවරයාට සහ මන්ත්‍රීවරයාට අවශ්‍ය දේ සම්බන්ධව නිශ්ඡය කරමින් අදාල ප්‍රමිතිගත කිරීම සිදුකරන බවත්, හිමි නැති කිසිම දෙයක් ජනතා මුදලින් ඔවුන්ට ලබා නොදෙන බවත් කීවේය. හිටපු ජනාධිපතිවරුන්ටත් එය අදාල බව ජනාධිපතිවරයා මේ අවස්ථාවේ දී පැහැදිලි කළේය. එහිදී වැඩිදුරත් කරුණු දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

“දේශපාලකයාට ප්‍රමිතිගත කිරීමක් නෑ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළමුකොටම ජනාධිපතිවරයාට, ඇමතිවරයාට නියෝජ්‍ය අමාත්‍යවරයාට, මන්ත්‍රීවරයාට ප්‍රමිතිගත කිරීමක් කරනවා. එයාට ආණ්ඩුවෙ වාහන පාවිච්චි කරන්න පුලුවන් කොච්චර ද?. ප්‍රමිතියක්. ඔයාට ආණ්ඩුවේ ගෙවල්වල ඉන්න බෑ, ප්‍රමිතියක්. නීතියට යටත්. ප්‍රමිතියක්. අවුරුදු පහක් හිටියාම පාර්ලිමේන්තුවෙ පැන්ෂන් එක හම්බවෙනවා. නැවත එය හම්බවෙන්නෙ නෑ. ඒක ප්‍රමිතියක්. හිටපු දේශපාලකයින්ටත්, හිටපු ජනාධිපතිවරුන්ටත් ඒ ප්‍රමිතිය ඇතුළත්.
ව්‍යවස්ථාවෙන් පනතෙන් චක්‍රලේඛයෙන් අවස්ථාවක් දීලා නෑ ගෙදර ඇම්බියුලන්ස් එකක් තියාගෙන ඉන්න. ව්‍යවස්ථාවෙන් නීතයෙන් චක්‍රලේඛනවලින් දීලා නෑ කෝකියො තියාගෙන ඉන්න. ව්‍යවස්ථාවෙන් නීතියෙන් චක්‍රලේඛනවලින් දීලා නෑ වාහන 16, වාහන 30 තියාගෙන ඉන්න. අන්න ජාතික ජනවේගයේ ආණ්ඩුව පළමුකොටම ව්‍යවස්ථාවෙන් නීතියෙන් චක්‍රලේඛනවලින් දීලා නැති අනීතික දේවල් සියල්ල ආපසු කැඳෙව්වා. එතකොට කියනවා පලි ගන්නවලු. පලි ගන්නවා නෙමයි. නීතියට යටත් කරනවා.”

“ඊලගට අපි කමිටුවක් දාලා තියනවා නීතයෙන් ලබා දීලා තියන දේවල් ගන්නත්. නීතිය වෙනස් කරනවා ජාතික ජන බලවේග ආණ්ඩුව. එය මතක තබා ගන්න. කවුරුහරි හිටපු ජනාධිපති කෙනෙකුට නිවසක් නැතිනම් එයාට ආණ්ඩුවට ඇප්ලිකේෂන් එකක් දාන්න පුලුවන්. ඔබට කොළඹ ගෙයක් තියනව ද?.  ඔබගේ කාලත්‍රයාට කොළඹ ගෙයක් තියනව ද?. ඔබගේ දුවා දරුවන්ට කොළඹ ගෙයක් තියනවද?, ඔබට නිවසක කුලිය ගෙවා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන ආදායමක් ද තියෙන්නේ. ඔබ නිකම් අස්වැසුම ලබා ගන්න මට්ටමේ ද ඉන්නේ. එහෙනම් ගෙයක් දෙමු.”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“හැබැයි ඇප්ලිකේෂන් එකක් පුරවලා එවන්න ඕන. ඇයි… මේ රටේ පුරවැසියන් ආණ්ඩුවෙන් මොකක් හරි ගන්න ඇප්ලිකේෂන් එකක් පුරවන්න ඕන. ඊට පස්සේ ඒ දිහා සලකා බලලා අනුකම්පාවෙන් යුතුව යමක් දෙන්න පුලුවන්. මේ පළි ගැනීම නෙමෙයි. අපේ රටේ දේශපාලනය අපි ප්‍රමිතියකට ගෙනනවා. මොනවද හිමි දේ. මොනවද අහිමි දේ. නමුත් අපේ රටේ දේශපාලකයො කල්පනා කරනවා ඔවුන්ට මේ හැම දේම හිමියි කියලා. හැබැයි ජාතික ජන බලවේග ආණ්ඩුව දේශපාලනය ප්‍රමිතිගත කරනවා මොනවද හිමි දේ. හිමි නොවන හැම දේම අහෝසි කරනවා. “. ජනාධිපතිවරයා කීවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වට්ස්ඇප්,  වයිබර්, ටෙලිග්‍රෑම් හරහා දරුවන්ගේ සිලබස් කවර් කිරීම ඇතුළුව නියාමන රැසක් ඇතුළත් සමාජ මධ්‍ය නියාමන චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරයි.. .

Next Post

සුජීව සෙනසිංහගේ V8 රථය ගැනත් සැකයක්… හොර වාහනයක්දැයි ටක්කයටම දැන ගන්න රජයේ පරීක්ෂකට යොමු කරයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.