සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සියලුම අතිරේක කාර්ය මණ්ඩල ඉවතට…

වැඩ නැති අය අමාත්‍යාංශයේ පිරිලා- ඇමති කියයි! 

by editor
නොවැම්බර් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ   

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක මාණ්ඩලික නිලධාරින් සියලු දෙනා කඩිනමින් වෙනත් ආයතන වෙත අනුයුක්ත කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර   රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත.

විශේෂයෙන් දීර්ඝ කාලයක් පුරා  කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැඳෙමින් කටයුතු කරන අතිරේක ලේකම්වරියක් ඇතුලු අංශ ගණනාවක නිලධාරින්  වෙනත් ආයතන සඳහා අනුයුක්ත කිරීමට නියමිතය.

මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය යනු එක් කැබිනට් අමාත්‍යවරයෙක් හා රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් මෙන්ම එකම ලේකම්වරයෙක් යටතේ පාලනය වන අමාත්‍යාංශයකි.

නමුත් මීට පෙර පැවැති ආකාරය අනුව පොහොර රාජ්‍ය අමාත්‍යාංශය, පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් පැවතුන අතර වර්තමානයේ තනි අමාත්‍යාංශයක් ලෙස පැවතියත් තවමත් මින් පෙර පැවැති ආකාරයටම අමාත්‍යාංශ සඳහා වෙනම ම පත් කළ  නිලධාරින් සේවයේ යෙදී සිටිති.

ඒ අනුව මේ වනවිට එකම අමාත්‍යාංශය තුළ සංවර්ධන අංශ 03ක්, පාලන අංශ 03ක්, ගිණුම් අංශ 03ක්, ප්‍රවාහන අංශ 03ක්, වශයෙන් පවතින අතර නිලධාරින් විශාල පිරිසක් රාජකාරි නොමැතිව සිටින ඇමතිවරයා පෙන්වාදේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එමෙන්ම ප්‍රධාන මුල්‍ය නිලධාරිට අමතරව ප්‍රධාන ගණකාධිකාරි ලෙස ද, ඉහත සඳහන් කළ එක් අංශයකට තනතුරු දෙකක් බැගින් පත් කර තිබේ. එමෙන්ම කළින් පැවැති අමාත්‍යාංශවලට පත් කරන ලද අතිරේක ලේකම් (පාලන), අතිරේක ලේකම් (සංවර්ධන) අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ), අතිරේක ලේකම් (ව්‍යාපෘති) වශයෙන් ද තනතුරු රැසක් හා ඒ සියලු දෙනාටම වාහන ද සපයා තිබේ.

එමනිසා එක් ව්‍යුහයක් ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ සියලුම අංශ පාලනය කිරීමට හැකියාව තිබිය දී මේ ආකාරයට තවදුරටත් පවත්වා ගෙන යාම රජයේ රාජ්‍ය වියදම් කළමනාකරණ ප්‍රතිපත්තියට ද  පටහැණි කාරණයක් බව පෙනි ගොස් ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

විශේෂයෙන් මෙම කටයුතු පාලනය කර ගැනීම මගින් ඉන්ධන, වාහන නඩත්තු, වැටුප් හා දීමනා යන සඳහා වියදම් අවම කර ගැනීමට හැකි බව අමාත්‍යවරයා පෙන්වා දී  තිබේ.

එමෙන්ම  මේ ආකාරයට එකී ආයතන පවත්වා ගැනීමෙන්   කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ලේ ඉඩකඩ සැපයීමට හැකියාව තිබිය දී තවත් වැදගත් අංශ ගණනාවක් බදු පදනම යටතේ  ගත් ගොඩනැගිලිවල පවත්වාගෙන යාම මගින් ද රජයට විශාල අලාභයක් සිදු වේ.  ගොවිජන රක්ෂණ මණ්ඩලය, කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය උදාහරණ දෙකකි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්වර බිත්තර 400ක් රැක්කවිය හැකි ලෝකයේ මිල අඩුම ඉන්කියුබේටරය

Next Post

පන්සලකට අයිති ඉඩමක් බව කියමින්  පොලොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අක්කර 25ක කැලෑව කපා වනසලා…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.