සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුණු හරප කීම පුරුද්දට තියාගන්න එපා“ –  ෆොන්සේකා…“ ඔබේ මනස පරීක්ෂා කරගන්න “- හරීන්

by editor
මැයි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජනබලවේගයේ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා තම  මනස පරීක්ෂා කරගත යුතු බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු මේ බව පවසන්නේ තමන් පක්ෂයේ දෙවැනියා බවත්, තමන්ට හිමි තැන මැයිදිනය රැළියේ කථික ලයිස්තුවේ දී ලබා නොදී ප්‍රතිරූප ගොඩනගා ගන්නට උත්සාහ කරන හරීන් ප්‍රනාන්දු මේ සම්බන්ධව විමසීමේ දී තමන්ට  අසභ්‍ය වචනයෙන් බැණ   වැදීම පිළිබඳව ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පක්ෂ නායකයාට රාජකාරි වශයෙන් දන්වා සිටින බවත් සරත් ෆොන්සේකා විසින් ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

“ මෙවැනි හැසිරීම් පුරුද්දට තියාගන්න එපා“ යැයි   සමගි ජනබලවේගයේ මන්ත්‍රී සරත් ෆොන්සේකා තම පක්ෂයේම හරීන් ප්‍රනාන්දුට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ අනතුරු ඇඟවීමක් ද  කළේය. ඔහු කීවේ තමන්ව නොසලකා කථික ලයිස්තුවේ කළ වෙනස්කම් සම්බන්ධව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද දැන සිටි බව ඔහුට හැඟී ගිය බවය.

මේ සරත් ෆොන්සේකා මාධ්‍යයට කී කතාවය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

හරීන් ප්‍රනාන්දු සරත් ෆොන්සේකාගෙ මනස පරීක්ෂා කරගැනීමට යෝජනා කරන්නේ සරත් ෆොන්සේකා මාධ්‍යයට කළ එම ප්‍රකාශයෙන් අනතුරුවය.  සරත් ෆොන්සේකා පක්ෂයේ දෙවෙනියා නොවන බවත් ඔහු ඒ බවවත් නොදන්නා බවත් හරීන් ප්‍රනාන්දු මාධ්‍යයට කීවේය.

ඔහු කී කතාව මෙසේය.

සමගි ජන බලවේගයේ මැයි දින රැලියේ කථික ලැයිස්තුව සකස් කළේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාගෙ   අනුදැනුම ඇතිව මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර   මහත්මයා. ඉතින් මට ඒ ගැන   චෝදනා නැගීමෙන් පලක් නෑ.

මහනුවර සිට පැවැති දින හයක පා ගමන සහ මැයි දින රැලිය සංවිධානය කරලා, ඒ වෙනුවෙන්  ශ්‍රමය, ධනය වැය කරලා කරන්න පුළුවන් සියලුම කැපකිරීම් පක්ෂය වෙනුවෙන් කළාට පස්සේ මට    එරෙහිව පරීක්ෂණ තැබීමට යෝජනා කරන සරත් ෆොන්සේකා මහත්මයගෙ    මනස පරීක්ෂා කළ යුතුයි.“

“සමගි ජන බලවේගයේ දෙවැනියා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්මයා.    ඒ බව නොදැන තමන් පක්ෂයේ දෙවැනියා යැයි සිතාගෙන  සරත් ෆොන්සේකා කටයුතු කිරීම පිළිබඳ  මගෙ කනගාටු  ප්‍රකාශ කරනවා.“

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා තිබුණේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ  ප්‍රධානත්වයෙන් අද (2) පැවැති පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී ද සරත් ෆොන්සේකාට   පක්ෂ සාමාජිකයන්ගේ දැඩි විරෝධය  එල්ල වූ බවය.  බව ඔහු

එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස   තමාගෙන් පෞද්ගලිකවම සමාව ඉල්ලා සිටි බවත්, සරත් ෆොන්සේකා   සිදු කළ දේ අනුමත නොකළ බවත් ඔහු පැවසුවේය. කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සරත් ෆොන්සේකා පැමිණ සිටියේ නැත.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැමිණි අවස්ථාවේ සිට සරත් ෆොන්සේකා සහ හරීන් ප්‍රනාන්දු අතර විරසයක් ඇති වුන බවත් ඊට ප්‍රධානම හේතුව මනාප පොරය බවත් අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සම්බන්ධතා වැඩිදියුණු කරමින් චිතගොන්ග් වරාය භාවිතයට ඉන්දියාවට අවසර

Next Post

තරුණ තරුණියන් පිරිවරාගෙන සැමරුණු ‘ජෂ්න් ඊ නව්ජවාන්’

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.