ජම්මු හා කාශ්මීර්වලට අයත් පුල්වාමා දිස්ත්‍රික් පරිපාලනය විසින් එම ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් විශාල ඉෆ්තාර් උත්සවයක් සංවිධානය කර තිබිණි.
‘ජෂ්න් ඊ නව්ජවාන්’ Jashn – e- Nawjawan ලෙස නම් කර තිබූ මෙම උත්සවය පසුගිය බ්‍රහස්පතින්දා සවස 5.30 ට ආරම්භ වූයේ තරුණ තරුණියන් 4000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙනි.
මෙම අවස්ථාවට සහකාර කොමසාරින් බසීර් උල් හක් චව්දරී හා පුල්වාමා හි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුලාම් ජිලානී සහභාගී වූහ.
මෙම උත්සවය නාත් හා ක්වරාන් උත්සවයන්ට සමගාමීව පැවැත්වුණු අතර ප්‍රදේශවාසීන් මෙය පැවැත්වීමට සම්බන්ධයෙන් පුල්වාමා පරිපාලනයට ස්තූතිවන්ත වූහ.