ඉන්දියාවේ ඊසාන දිග රාජ්‍යයන්ට චිතගොන්ග් වරායට ඇතුල්වී සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීමට ඉඩ ලබා දෙන බව බංග්ලාදේශ අගමැති ෂීක් හසීනා මහත්මිය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශන්කර් හා පැවති හමුවකදී සඳහන් කළාය.
චිතගොන්ග් කඳු පාමුල පිහිටා ඇති චිතගොන්ග් හා චහ්වොග්රෑම් බංග්ලාදේශයේ පිහිටි වඩා වැදගත් වරායන් වේ.
ජාත්‍යන්තර නැව් මාර්ගවලට සම්බන්ධ වෙමින් ආර්ථික කටයුතුවල නියැලීමට ඊසාන දිග ඉන්දීය රාජ්‍යයන්ට මේ හරහා අවස්ථාව සැලසේ.
2010 වසරේදී බංග්ලාදේශය ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබමින් චිතගොන්ග් හා මොන්ගලා වරායන් හරහා ආනයන අපනයනයන් කිරීමට අවසර ලබාදුනි.
2018 දී නව දිල්ලියට භාණ්ඩ ප්‍රවාහනය සඳහා වරායන් දෙකක් භාවිතා කිරීමට බංග්ලාදේශය කැබිනට් අනුමැතිය ලබා දුන්නේය.
බංග්ලාදේශයේ දෙදින සංචාරය අතරතුර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයිශන්කර් මහතා අගමැතිනිය හමුවූයේය. මෙහිදී දෙරට අතර ඇති ද්විපාර්ශවික ජාත්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් ද ඔවුන්ගේ අවධානය යොමුව තිබේ.