සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරාපිටියේ ළමා අපචාර චෝදනා ලද වෛද්‍යවරයාට ඇප… අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නෑ….

by editor
සැප්තැම්බර් 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි  15 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කී කරාපිටිය රෝහලේ වෛද්‍යවරයා අද පොලිසියට භාරවීමෙන් අනතුරුව අධිකරණයට  ඉදිරිපත් කර අධිකරණය මගින් ලක්ෂ තුනක ශරීර ඇප දෙකක් මත අද (12) මුදා හැර තිබේ.

ඇප ලබා දීමට පොලිසිය විරෝධතාවය පල කළත් අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට අද දින ඉදිරිපත් නොවීම හේතුවෙන් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ  විසින් සැක කරු ඇප මත මුදා හැරීමට කටයුතු කර ලබන 14 වැනිදා යළි නඩුව කැඳවීමට නියෝග කර තිබේ.

දැරිය අපයෝජනයට ලක් වී තිබුණ බව කීවේ රෝහලේ විකිරණ අංශය තුළය.   මෙම  වෛද්‍යවරයා සම්බන්ධයෙන් රෝහල මගින්ද පරික්ෂණයක් ආරම්භකොට ඇති බැව්  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය වෛද්‍ය  එස් පි. යු.එම්  රංග   කීවේය.

මෙම සිද්ධිය සම්බන්ද පැමිණිල්ල දැරිය නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරයා විසින්  තමන් වෙත යොමුකොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා  කීවේය

දැරිය ස්කෑන් පරික්ෂණයට ලක්කරන අවස්ථාවේ දි එහි රෝහල් උපස්ථායිකාවක් ද සිට ඇති බවත් එවැනි සිද්ධියක් සිදුවී නොමැති බවට එම උපස්ථායිකාව සඳහන්කොට ඇති බවද රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම දැරියගේ මව විසින්  මෙම සිද්ධිය සම්බන්දව ගාල්ල පොලිසියේ ළමා හා කාන්තාකාර්යංශය වෙත කරණු ලැබු පැමිණිල්ලකට අනුව අදාල  වෛද්‍යවරයා සම්බන්දයෙන්  විමර්ශනය ආරම්භකොට ඇත.

මෙම දැරිය  රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සදහා  මවත් සමග ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව නේවාසික ප්‍රථිකාර ලබාගෙන සිට ඇත.

ඉකුත් 08 වැනිදින දැරිය ස්කෑන් පරික්ෂණයක් සඳහා  විකිරණ අංශය වෙත ගොස් ඇත.  ස්කෑන් පරික්ෂණය සිදුකිරිමේ දී එහි සිටි සැකකාර  වෛද්‍යවරයා විසින් මෙම දැරිය බරපතල ලෙස ලිංගිකව අපයෝජනයට ලක්කොට ඇති බව පොලිසිය පවසයි.

ස්කෑන් පරික්ෂණයෙන් පසු දැරිය නේවාසිකව සිටින වාට්ටුවට ගොස් ඇත. තමන්ගේ රහස් ප්‍රදේශය රිදෙන බව දැරිය තම මවට ප්‍රකාශකොට ඇත. ඒ පිළිබද මව දැරියගෙන් විමසා ඇත. දැරිය මවට  සියල්ල ප්‍රකාශකොට ඇත.

පසුව  මේ පිළිබඳ රෝහලේ වාට්ටුවේ සිටි ප්‍රධාන වෛද්‍යවරයාටද  පැමිණිලි කර ඇත. පසුව මේ පිළිබද මව දැරියත් සමග පැමිණ ගාල්ල පොලිසියේ ළමා හා කාන්තාකාර්යංශය වෙත පැමිණිලිකොට ඇත. දැරියගෙන් මේ සිද්ධිය සම්බන්ධව පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

සැකකාර වෛද්‍යවරයා සැඟවී සිටි බැවින්   සිද්ධිය සිදුවී දින තුනක් ගතවනතුරුත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි විය. ඔහු අද පොලිසියට පැමිණ භාර වූයේය.

වෛද්‍ය වෘත්තීය සංගම් මැදිහත් වී මෙම ළමා   අපචාර සිද්ධිය සම්බන්ධව වෛද්‍යවරයාගේ මැදිහත්වීම   පිළිබඳව වසන් කිරීමට    බලපෑම් එල්ලවෙමින් ඇති බව ඊයේ  වාර්තා විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස් නැති නිසා බස් රථයක් පැහැරගෙන පෙම්වතිය බලන්න මහ රෑ ගිය 15 හැවිරිදි පෙම්වතා….

Next Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හකුළා ගන්නා බවට ඇමති අලි සබ්රි ජිනීවාහිදී පොරොන්දු වෙයි !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.