16 දා සිට පනවන ලද සංචරණ සීමා අද උදෑසන වනවිට සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වෙනස් කර තිබේ. එහි එක් සීමාවක් ලිහිල් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව කඩ සාප්පු සංකීර්ණ වසා දැමීමේ සීමාව ලිහිල් කර ඇති අතර කඩ සාප්පු සංකීර්ණයේ ධාරිතාවෙන් 25%ක් පාරිභෝගිකයන්ට ඇතුළුවීමට අවසර ඇත.
මෙම සංචරණ සීමාවන් පනවා තිබුණේ ලබන 31 දක්වා බලපැවැත්වෙන පරිදිය.
මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වරයාගේ අත්සනින් යුතුව නිකුත් වී තිබුණු නිවේදනය මෙසේයි.