සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරාන පළිගැනීමකට බියෙන් ඊශ්‍රයාලය පෙර සූදානමක…

by editor
අප්‍රේල් 13, 2024
in පුවත්
ඉරාන ප්‍රධාන ඉරාන තානාපති කාර්යාල ගොඩනැගිල්ලට යාබද ඉරානයේ කොන්සල් කාර්යාලයට අප්‍රේල් 1 දා  එල්ලවුන  ප්‍රහාරයෙන් පසු...

ඉරාන ප්‍රධාන ඉරාන තානාපති කාර්යාල ගොඩනැගිල්ලට යාබද ඉරානයේ කොන්සල් කාර්යාලයට අප්‍රේල් 1 දා එල්ලවුන ප්‍රහාරයෙන් පසු...

Share on FacebookShare on Twitter

ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායට අයත් විදේශ කුඩ්ස් බළකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි  වූ බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් රීසා සහේඩි සහ තවත් නිලධාරීන් හය දෙනෙකු පසුගිය අප්‍රේල් 01  වැනිදා සිරියාවේ ඩමස්කස්  අගනුවර පිහිටි  ඉරාන තානාපති කාර්යාලයේ රැස්වීමකට සහභාගී වෙමින්  සිටින අතර ගුවන් ප්‍රහාරයක් එල්ල කර   ඝාතනය කිරීමට පළි ගැනීම ගැන සිදුවන බිහිසුණු  ඉරාන අනතුරු ඇඟවීම් හමුවේ  සිදුවිය හැකි ප්‍රහාරයකට ඊශ්‍රායලය සූදානම්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිරය ඉරානයේ තර්ජනය බැරෑරුම් ලෙස සලකන බව ඇමරිකා එක්සත් ජනපදයේ  ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පවසයි.

ඊශ්‍රායල හමුදාව කියා සිටියේ ඉරාන ප්‍රහාරයක් සම්බන්ධව තමන් සිවිල් වැසියන්ට අලුත් උපදෙස් ලබා නොදුන් නමුත් විමසිලිමත්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

“ඊශ්‍රයාල හමුදාව විසින් ඉරාන ප්‍රහාරයක් පිළිබඳ වාර්තා සහ ප්‍රකාශවලින් පසු ඉකුත් දිනය පුරා සිදුවිය හැකි ප්‍රාහරයක් පිළිබඳ   තක්සේරුවක් සහ සලැසුමක් සකස් කර ඇති බව,” ප්‍රධාන හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි සිකුරාදා රූපවාහිනී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant, මාණ්ඩලික ප්‍රධානි , Herzi Halevi, නාවික හමුදාපති ඩේවිඩ් සාර් සලාමා, නියෝජ්‍ය ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී, Amir Baram සහ අණදෙන නිලධාරියාගේ පින්තූර සහිත ඊශ්‍රායල විරෝධී බැනරයක්.

 

සමහර ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල අර්ධ වශයෙන් ඉවත් කර ඇති බවට සහ තානාපති කාර්යාල අවට ආරක්ෂාව තර කර ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය අදහස් ප්‍රකාශ කළේ නැත.

“පළිගැනීම පැමිණේවි” යනුවෙන් ඊශ්‍රායලයේ විශාලතම දිනපතා පුවත්පත වන Yedioth Ahronoth  ප්‍රකාශ කර තිබිණි. “මේ මොහොතේ, එය ඉතා ඉක්මනින්, ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇත.” එම පුවත්පත් වාර්තා තක්සේරු කර තිබිණි.

කෙසේ  වෙතත්  අප්‍රේල් 01 වැනිදා  සිදුවූ මාරක  ගුවන් ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලය විසින් මේ වනතුරුත්  භාර ගෙන නැත.

නමුත් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පැවසුවේ ඉරාන භූමියට එල්ල කළ ප්‍රහාරයකට සමාන මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය  “දඬුවම් ලැබිය යුතු අතර ඊට දඬුවම් කළ යුතු” බවය.

ඊශ්‍රායලයේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක රාස් සිම්ට් පැවසුවේ “ඉරානයට ප්‍රතිප්‍රහාර නොදී සිටීම ඉතා අපහසු වනු ඇති බවය.

සිය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියාගේ අවමංල්‍යය දා ඉරාන ජාතිකයන් ඊශ්‍රායල ධජයක් පුළුස්සා දමන අයුරු…

 

“ඉරානයට ඊශ්‍රායලයට එරෙහිව පූර්ණ පරිමාණ සෘජු මිලිටරි ගැටුමක නිරත වීමට අවශ්‍ය  නැති බවත් එක්සත් ජනපදය සමග ගැටුමක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත් මා තවමත් විශ්වාස කරනවා.  නමුත් මේ ප්‍රහාරයට යමක් කළ යුතුය.” ඔහු කියා සිටියේය.

ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant සහ හමුදා ප්‍රධානී ජෙනරාල් Herzi Halevi යන දෙදෙනාම, එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරි ජෙනරාල් මයිකල් කුරිල්ලා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර  එම රැස්වීමේ පරමාර්ථය වී ඇත්තේ ඉරානයෙන් ලැබෙන ප්‍රතිචාරයක් සම්බන්ධීකරණය කිරීම බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊශ්‍රායලයේ ප්‍රධාන ආරක්ෂකයා වන එක්සත් ජනපදයේ ඉරාන මූලාශ්‍ර සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් පවසන්නේ ටෙහෙරානය වොෂින්ටනයට සංඥා කර ඇත්තේ උග්‍රවීම වළක්වා ගැනීමට අවශ්‍ය  බවය.  ඉක්මන් ප්‍රතිචාරයක් නොදන්වන බව ඉරානය විසින් දන්වා ඇතත්  ඕනෑම ප්‍රතිචාරයක් පාලනයෙන් මිදීමට හැකි වීමේ අවදානම විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඉරානය තානාපති කාර්යාල ප්‍රහාරය තම භූමියට එල්ල කළ ප්‍රහාරයකට සමාන ලෙස සැලකූ හෙයින්, ලෙබනනයේ හිස්බුල්ලා වැනි කණ්ඩායමක් ලවා ප්‍රහාරයක් එල්ල කරනවාට වඩා ඉරානය විසින්ම ඊශ්‍රායල භූමියට සෘජු ප්‍රහාරයක් එල්ල කිරීම සැබෑ හැකියාවක්  පවතින බව වාර්තා වේ.

ඊශ්‍රායලයට සෘජුවම පහර දිය හැකි මිසයිල ඉරානය සතුව ඇති අතර මෑත සතිවලදී ඊශ්‍රායලය සිය ගුවන් ආරක්‍ෂාව ශක්තිමත් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වඩේ එකයි… ප්ලේන්ටියයි… ඩොලර් 3 යි… කළුතර දී මගට බහින විදේශිකයන් සූරාගෙන කන හැටි විදේශිකයෙක් වීඩියෝවකින් ලෝකයට කියයි!

Next Post

සිඩ්නි උප නගරයක පිහි ඇනුමක්… 06 දෙනෙක් මරුට…  මාස 09ක කුඩා දරුවෙක් මරණයට පත් වූවන් අතර… ( සිදුවිමේ විඩියෝ සහිතයි)

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.