ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායට අයත් විදේශ කුඩ්ස් බළකායේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි වූ බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් රීසා සහේඩි සහ තවත් නිලධාරීන් හය දෙනෙකු පසුගිය අප්‍රේල් 01 වැනිදා සිරියාවේ ඩමස්කස් අගනුවර පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ රැස්වීමකට සහභාගී වෙමින් සිටින අතර ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීමට පළි ගැනීම ගැන සිදුවන බිහිසුණු ඉරාන අනතුරු ඇඟවීම් හමුවේ සිදුවිය හැකි ප්‍රහාරයකට ඊශ්‍රායලය සූදානම්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ධවල මන්දිරය ඉරානයේ තර්ජනය බැරෑරුම් ලෙස සලකන බව ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පවසයි.
ඊශ්‍රායල හමුදාව කියා සිටියේ ඉරාන ප්‍රහාරයක් සම්බන්ධව තමන් සිවිල් වැසියන්ට අලුත් උපදෙස් ලබා නොදුන් නමුත් විමසිලිමත්ව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
“ඊශ්‍රයාල හමුදාව විසින් ඉරාන ප්‍රහාරයක් පිළිබඳ වාර්තා සහ ප්‍රකාශවලින් පසු ඉකුත් දිනය පුරා සිදුවිය හැකි ප්‍රාහරයක් පිළිබඳ තක්සේරුවක් සහ සලැසුමක් සකස් කර ඇති බව,” ප්‍රධාන හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි සිකුරාදා රූපවාහිනී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

සමහර ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල අර්ධ වශයෙන් ඉවත් කර ඇති බවට සහ තානාපති කාර්යාල අවට ආරක්ෂාව තර කර ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන් ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය අදහස් ප්‍රකාශ කළේ නැත.
“පළිගැනීම පැමිණේවි” යනුවෙන් ඊශ්‍රායලයේ විශාලතම දිනපතා පුවත්පත වන Yedioth Ahronoth ප්‍රකාශ කර තිබිණි. “මේ මොහොතේ, එය ඉතා ඉක්මනින්, ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇත.” එම පුවත්පත් වාර්තා තක්සේරු කර තිබිණි.
කෙසේ වෙතත් අප්‍රේල් 01 වැනිදා සිදුවූ මාරක ගුවන් ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලය විසින් මේ වනතුරුත් භාර ගෙන නැත.
නමුත් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පැවසුවේ ඉරාන භූමියට එල්ල කළ ප්‍රහාරයකට සමාන මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලය “දඬුවම් ලැබිය යුතු අතර ඊට දඬුවම් කළ යුතු” බවය.
ඊශ්‍රායලයේ ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක රාස් සිම්ට් පැවසුවේ “ඉරානයට ප්‍රතිප්‍රහාර නොදී සිටීම ඉතා අපහසු වනු ඇති බවය.

“ඉරානයට ඊශ්‍රායලයට එරෙහිව පූර්ණ පරිමාණ සෘජු මිලිටරි ගැටුමක නිරත වීමට අවශ්‍ය නැති බවත් එක්සත් ජනපදය සමග ගැටුමක් ඇති කරගැනීමට අවශ්‍ය නොවන බවත් මා තවමත් විශ්වාස කරනවා. නමුත් මේ ප්‍රහාරයට යමක් කළ යුතුය.” ඔහු කියා සිටියේය.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය Yoav Gallant සහ හමුදා ප්‍රධානී ජෙනරාල් Herzi Halevi යන දෙදෙනාම, එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරි ජෙනරාල් මයිකල් කුරිල්ලා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම රැස්වීමේ පරමාර්ථය වී ඇත්තේ ඉරානයෙන් ලැබෙන ප්‍රතිචාරයක් සම්බන්ධීකරණය කිරීම බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊශ්‍රායලයේ ප්‍රධාන ආරක්ෂකයා වන එක්සත් ජනපදයේ ඉරාන මූලාශ්‍ර සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් පවසන්නේ ටෙහෙරානය වොෂින්ටනයට සංඥා කර ඇත්තේ උග්‍රවීම වළක්වා ගැනීමට අවශ්‍ය බවය. ඉක්මන් ප්‍රතිචාරයක් නොදන්වන බව ඉරානය විසින් දන්වා ඇතත් ඕනෑම ප්‍රතිචාරයක් පාලනයෙන් මිදීමට හැකි වීමේ අවදානම විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඉරානය තානාපති කාර්යාල ප්‍රහාරය තම භූමියට එල්ල කළ ප්‍රහාරයකට සමාන ලෙස සැලකූ හෙයින්, ලෙබනනයේ හිස්බුල්ලා වැනි කණ්ඩායමක් ලවා ප්‍රහාරයක් එල්ල කරනවාට වඩා ඉරානය විසින්ම ඊශ්‍රායල භූමියට සෘජු ප්‍රහාරයක් එල්ල කිරීම සැබෑ හැකියාවක් පවතින බව වාර්තා වේ.
ඊශ්‍රායලයට සෘජුවම පහර දිය හැකි මිසයිල ඉරානය සතුව ඇති අතර මෑත සතිවලදී ඊශ්‍රායලය සිය ගුවන් ආරක්‍ෂාව ශක්තිමත් කර තිබේ.







