ඉතිහාසයේ ප්‍රථම වරට වැඩිම ගල් අඟුරු නෞකා ගෙන්වා ගනු ඇත්තේ 2023 ජනවාරියේ බවත් , ගල් අඟුරු නෞකා 07ක් ජනවාරි 31 වනවිට රට තුළට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පවසයි. ඇමතිවරයා කියන්නේ මින් පෙර මාසයක් තුළ රටට ගෙන්වූ වැඩිම ගල් අඟුරු නෞකා ප්‍රමාණය 06ක් බවය. ජනවාරි 12 වනවිට ගල් අඟුරු නෞකා තුනක් එන බව ද ඇමතිවරයා කීවේය.
ඔහු මේ බව පවසන්නේ දහවල් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ඉංජිනේරුවරුන් දන්වා ඇත්තේ ජනවාරි 08 වැනිදා වනතුරු දැනට ක්‍රියාත්මක නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ පද්ධති දෙක ක්‍රියාත්මක කිරවීමට ගල් අඟුරු ප්‍රමාණවත් බව යැයි ඇමතිවරයා කීවේය.
ගල් අඟුරු ගෙන්වා ගැනීමේ ප්‍රමාදයක් ඇති බවත්, එයින් හිඟවන විදුලිය ලබා ගැනීමට විකල්ප බලාගාර ක්‍රියාත්මක වන බවත් රටට දන්වා සිටි බව ද ඇමතිවරයා කීවේය. ඒ අනුව පැය දෙකයි මිනිත්තු 30 විදුලි කප්පාදුවකට යටත්ව විදුලි බලය දිගටම කළමනාකරණය කිරීමට හැකි බව ද ඔහු කීවේය.
හෙතෙම පෙන්වා දුන්නේ මේ ප්‍රමාද වී ඇත්තේ උපරිම වනවිට අද (27) ලැබීමට තිබුණු ගල් අඟුරු නැව බවය. එම නැව ජනවාරි 5 දහවල් වනවීට උපරිම වශයෙන් ලංකාවට එනු ඇති බවත් ඊට කලින් දින ගෙන්වා ගැනීමට උත්සාහ කරන බවත්, ජනවාරි 05 වැනිදාම ගල් අඟුරු නැව ගොඩබෑමට කටයුතු කරන බවත් ඔහු පැවසුවේය.
ඊට අමතරව තවත් ගල් අඟුරු නැවු දෙක්ක ජනවාරි 09 හා 13 පැමිනෙන බව කී ඇමතිවරයා ඒ නැවු දෙක අතුළු නැව් කීපයකට සියයට තිහක අත්තිකාරම් මුදල් ගෙවා ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ලබා දෙන රුපියල් සඳහා ඩොලර් දීමට මහ බැංකුව එකඟතාවය පල කර ඇති බවත්ය.







